BREAKING NEWS

ශ්‍රී ලංකා ඇගළුම් අපනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලය සහ කර්මාන්ත ඇමතිවරයා අතර සාකච්ජාවක්…

දේශීය මෙන්ම ජාත්යන්තරව ඇගළුම් කර්මාන්තයේ නියැලෙන ප්රමුඛපෙලේ ඇගළුම් ආයතන නියෝජනය කරන ශ්රී ලංකා ඇගළුම් අපනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලය සහ කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමා අතර සාකච්ජාවක් අද (22) කර්මාන්ත අමාත්යාංශයේදී පැවැත්විණි.

කොවිඩ් අර්බුදය හමුවේ ඇගළුම් අපනයන කර්මාන්තකරුවන් මුහුණදී ඇති ගැටළු පිළිබද සාකච්ජා කොට ඊට විසදුම් ලබා ගැනීම මෙම සාකච්ජාවේ අරමුණ විය. කොවිඩ් තත්වයේදී සහ ඉන් පසු ඇගළුම් අපනයන කර්මාන්තය මුහුණදී ඇති සෞඛ්ය ප්රතිපත්තිමය ගැටළු, කම්කරු නීති පද්ධතිය වෙනස් කිරීමේ ගැටළු, සේවක ගැටළු සහ අපනයනයේදී මුහුණ දෙන අභියෝග ඇතුළු ගැටළු පිළිබදව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරිණි.

කම්කරු නීති සම්බන්ධව ඇති ගැටළු පිළිබදව කර්මාන්තකරුවන් ඇමතිවරයා දැනුවත් කළ අතර දෙපාර්ශ්වයටම අවාසිදායක නොවන ආකාරයෙන් ඒවා විසදා ගැනීමට කටයුතු කිරීමේ වැදගත්මක පිළිබදව අමාත්යවරයා පැහැදිලි කළේය. ඇගළුම් අපනයන ක්ෂේත්රයට අයත් කම්කරු නීති සැකසීමේදී ඒ පිළිබද වගකීම ඇති කර්මාන්ත, කම්කරු,වෙළද හා මුදල් යන අමාත්යාංශවලින් සමන්විත කමිටුවක එකගතාව ඇතිව ආමාත්ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ හැකිවන පරිදි යෝජනා කරනු ලබන කැබිනට් පත්රිකාවක් සකසන ලෙස අමාත්යවරයා වැඩිදුරටත් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

#WimalWeerawansa #MinistryofIndustries

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*