BREAKING NEWS

ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලයේ 26 වැනි වාර්ෂික මහා සභා රැස්වීමට (26th AGM of Sri Lanka Chamber of Garment Exporters) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශයන් සුභාශිංසන එක් කරයි..

ශ්රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලයේ 26 වැනි වාර්ෂික මහා සභා රැස්වීම (26th AGM of Sri Lanka Chamber of Garment Exporters) අද(20) සවස කොළඹ හිල්ටන් රෙසිඩෙන්සීස් හෝටලයේදී සෞඛ්ය මාර්ගෝපදේශවලට අනුකූලව පැවැත්විණි.

මෙම මහා සභා රැස්වීමේ උත්සව සැසි වාරයට ප්රධාන ආරාධිතයා ලෙස කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා සහභාගී විය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්යාංශයේ ලේකම්, විශ්රාමික ජෙනරාල් දයා රත්නායක, වෙළඳ අමාත්යාංශයේ ලේකම් භද්රානි ජයවර්ධන යන මහත්ම මහත්මීහු සහ ශ්රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලයේ සාමාජිකත්වය දරන මෙරට ප්රමුඛතම ඇඟලුම් සමාගම්වල ප්රධානීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මාධ්ය ඒකකය,
කර්මාන්ත අමාත්යාංශය,
2022-01-20
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*