BREAKING NEWS

“ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙලේදී දේශීය අත්කම් නිර්මාණකරුවෝ ඇගයෙති !

මෙරට දේශීය අත්කම් නිර්මාණකරුවන්ගේ භූමිකාව අගයමින් ඔවුන් ජනාධිපති සම්මානයෙන් පිදුම් ලබන “ශිල්ප අභිමානී” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙල අද(25) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.

කර්මාන්ත අමාත්යාංශයේ මගපෙන්වීමෙන් වේවැල්, පිත්තල, මැටි, ලී බඩු, ග්රාමීය කර්මාන්ත ප්රවර්ධන රාජ්ය අමාත්යාංශයේ මෙහෙයවීමෙන්, ජාතික ශිල්ප සභාව සංවිධානය කළ ‘ශිල්ප අභිමානී 2021’ ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙල පාරම්පරික හස්ත කර්මාන්ත රැක ගැනීම, සංවර්ධනය කිරීම හා දේශීය අත්කම් නිර්මාණකරුවන් දිරිගැන්වීම අරමුණු කොට ගෙන ඇත.

මෙම ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙලේ ඉහළතම සම්මානය වන ස්වර්ණ සම්මානයෙන් සම්ප්රදායික හා නූතන යන අංශ දෙක යටතේ දේශීය හස්ත කර්මාන්ත ශිල්පීහු දෙදෙනෙක් පිදුම් ලැබූහ. එම ස්වර්ණ සම්මාන ප්රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සුරතින් සිදුවිය. ප්රධාන ශිල්ප ක්ෂේත්ර 21ට අදාළ රජත සම්මාන ප්රදානය කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතාගේ සුරතින් සිදු වූ අතර ප්රධාන ශිල්ප ක්ෂේත්ර 21 යටතේ වන උප ශිල්ප ක්ෂේත්ර 57 වෙනුවෙන් පැවැති තරගවලදී ප්රථම, දෙවන, තෙවන ස්ථාන හා කුසලතා දිනූ හස්ත කර්මාන්ත ශිල්පීහු ද මෙහිදී ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබූහ.

සම්මාන උලෙළ අමතා කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ, රාජ්ය අමාත්ය ප්රසන්න රණවීර, රාජ්ය අමාත්යාංශයේ ලේකම් විජිත බණ්ඩාරනායක, ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොළ යන මහත්වරු අදහස් දැක්වූහ.

මෙම අවස්ථාවට ජනමාධ්ය අමාත්ය ඩලස් අලහප්පෙරුම, කර්මාන්ත අමාත්යාංශයේ ලේකම් විශ්රාමික ජෙනරාල් දයා රත්නායක යන මහත්වරු ද එක්ව සිටියහ.

මාධ්ය ඒකකය
කර්මාන්ත අමාත්යාංශය
2022.01.25
About the Author

Leave a Reply

*