BREAKING NEWS

“සැමට විදුලිය”; “අතමිට සරු සන්නාලිය” හා “අගයන සිව්වන දරුවා” ජනසහන වැඩසටහන් ඇමති විමල්ගේ ප්‍රධානත්වයෙන් කඩුවෙල දී

රට පුරා ක්රියාත්මක “සැමට විදුලිය” ජාතික ක්රියාන්විතයේ යටතේ කඩුවෙල ආසනයේ විදුලිය අහිමි නිවෙස්වලට විදුලිය ලබාදීමට ක්රියාත්මක වැඩසටහන යටතේ පවුල් 50ක් වෙත සහනාධාර ලබා දීම වෙනුවෙන් අද(20) අතුරුගිරිය පිහිටි කඩුවෙල නගර සභා උපකාර්යාල පරිශ්රයේදී උත්සවයක් පැවැත්විණි.

මෙම උත්සවයට සමගාමීව කඩුවෙල මහ නගර සභාව යටතේ දියත් වන “අතමිට සරු සන්නාලිය” සහ “අගයන සිව්වන දරුවා” වැඩසටහන් ද එහිදී දියත් කෙරිණි. “අතමිට සරු සන්නාලිය” වැඩසටහන මගින් මහන මැෂින් 120ක් බෙදාදීම ද “අගයන සිව්වන දරුවා” වැඩසටහන යටතේ සිව් දරු පවුල් 25ක දරුවන්ට තෑගි බෝග සහ මවුපියන්ට රුපියල් 50,000ක චෙක්පත් ලබාදීමද මෙහිදී සිදුවිය.

මෙම සියලු සත්කාරයන් කඩුවෙල ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතාගේ ප්රධානත්වයෙන් දියත් වූ අතර පාර්ලිමේන්තු මන්ත්රී ප්රදීප් උදුගොඩ, කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල්, කඩුවෙල ප්රාදේශීය ලේකම්, කඩුවෙල නාගරික කොමසාරිස් ඇතුළු රාජ්ය නිලධාරීහු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,

මාධ්ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ,
2021-03-20
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*