BREAKING NEWS

සිනමාව කර්මාන්තයක් ලෙස නම්කොට ඊට වෘත්තීය පිළිගැනීම ලබාදීමේ ක්‍රියාවලියට මැදිහත්වීම පිළිබදව ශ්‍රී ලංකා සිනමා වෘත්තිකයන්ගේ ස්වාධීන එකමුතුවෙන් කර්මාන්ත අමාත්‍යවරයාට හෘදයාංගම ස්තුතිය…

වසර 75ක ලාංකීය සිනමා වංශකතාවේ ස්වර්ණමය අවස්ථාවක් සනිටුහන් කරමින් සහ දීර්ඝ කාලයක් පුරා සිනමා ක්ෂේත්ර ගණනාවක් නියෝජනය කරමින් පොදු ඉල්ලීමක් ලෙස ඉල්ලා සිටි සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගැනීමේ ක්රියාවලියට මැදිහත්වෙමින් දැක්වූ සහයෝගයට කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමාට හෘදයාංගම ස්තුතිය පුදකරන බව සිනමා ක්ෂේත්ර 7ක් නියෝජනය කරමින් පැමිණි නියෝජිතයින් කියා සිටියේය. ඔවුන් ඒ බව කියා සිටියේ අද (22) කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්යාංශයේ පැවති සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගැනීමේ කැබිනට් තීරණය පිළිබද දැනුවත් කිරීමේ සිය මාධ්ය හමුවෙන් අනතුරුව අමාත්යවරයා හමුවූ අවස්තාවේදීය.

දීර්ඝ කාලයක් පුරා තම ක්ෂේත්රයන් විසින් ඉල්ලා සිටි සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගැනීම වෙනුවෙන් කර්මාන්ත අමාත්යවරයා ලෙස විමල් වීරවංශ මැතිතුමා සහ සංස්කෘතික කටයුතු අමාත්යවරයා ලෙස අග්රමාත්ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ගෙන ආ කැබිනට් පත්රිකාව මගින් සිනමාව වෘත්තීය පිළිගැනීමක් ඇති කර්මාන්ත ක්ෂේත්රයක් බවට පත්කර ගැනීමට ලබාදුන් සහයෝගයට චිත්රපට අධ්යක්ෂකවරුන්ගේ සංසදය, සහාය අධ්යක්ෂකවරුන්ගේ සහ නිෂ්පාදන කළමනාකරුවන්ගේ සංගමය, රංගන ශිල්පීන්ගේ සංගමය, සංස්කරණ ශිල්පීන්ගේ සංගමය, බෙදාහරිනන්නගේ හා ප්රදර්ශකයින්ගේ සංගමය, අංග රචනා ශිල්පීන්ගේ සංගමය, කලා අධ්යක්ෂකවරුන්ගේ සංගමය යන සංගම් එක්ව පිහිටුවාගත් සිනමා වෘත්තිකයන්ගේ ස්වාධීන එකමුතුව වංශයෙන් තම කෘතවේදීත්වය පළකරන බව කියා සිටියහ.

සිනමා කර්මාන්තය වෙනුවෙන් ඉදිරියේදී අවශ්ය සියලු සහයෝගය ලබාදීමට කර්මාන්ත අමාත්යවරයා වශයෙන් තමන් සුදානම් බව කියා සිටි විමල් වීරවංශ මහතා, සිනමා කර්මාන්ත ක්ෂේත්රයේ ගැටළුවලට විසදුම් ලබාදෙමින් ක්ෂේත්රයේ ප්රගමනය වෙනුවෙන් අවශ්ය කටයුතු සිදුකිරීමට සිනමා කර්මාන්ත ක්ෂේත්රයට අදාළව උපදේශන සභාවක් පිහිටුවීමට ද බලාපොරොත්තු වන බව ද පැවසීය.

මාධ්ය ඒකකය
කර්මාන්ත අමාත්යාංශය
2021.11.22
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*