BREAKING NEWS

සුනිල් මාධවයන් ලක්දිවට සමුදෙයි…

ජ්යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු, ප්රවීණ සාහිත්යධරයකු වූ සුනිල් මාධව ප්රේමතිලකයන්ගේ අවසන් කටයුතු අද(26) සවස තලාහේන පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි. අවමංගල්ය උත්සවය, දේහය මහජන ගෞරවය සඳහා තබා තිබූ බත්තරමුල්ල, කොස්වත්ත රිචඩ් ද සොයිසා අනුස්මරණ මාධ්ය නිවාස සංකීර්ණයේ අංක 26 නිවසේ දී පැවැත්විණි.

මෙහිදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් එවා තිබූ ශෝක පණිවිඩය අවමංගල්ය සභාවට කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා විසින් ඉදිරිපත් කරන ලදී. ගරු අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් එතුමන්ගේ ශෝක පණිවිඩය ඉදිරිපත් කරනු ලැබුවේ වෙළඳ අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා විසිනි.

මෙම අවස්ථාවට ජනමාධ්ය අමාත්ය ඩලස් අලහප්පෙරුම, කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයෝ පිරිසක් ද එක්ව සිටියහ.

මාධ්ය ඒකකය,කර්මාන්ත අමාත්යාංශය2022-02-26

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*