BREAKING NEWS

මෙරට ඉන්දුනීසියානු තානාපතිනිය සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා අතර ද්විපාර්ශ්වික සාකච්ජාවක්.

ශ්රී ලංකාව හා ඉන්දුනීසියාව අතර වෙළෙඳ සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණින්, මෙරට ඉන්දුනීසියානු තානාපතිනි දේවි ගුස්ටිනා ටෝබින් මහත්මිය හා කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා අතර හමුවක් අද(23) කර්මාන්ත අමාත්යාංශයේදී පැවැත්විණි.

ඉන්දුනීසියාව සහ ශ්රී ලංකාව අතර කර්මාන්ත ක්ෂේත්රයේ ප්රගමනය වෙනුවෙන් ගතහැකි ඉදිරි ක්රියාමාර්ග පිළිබදව මෙහිදී දීර්ඝ වංශයෙන් සාකච්ජා විය. මෙරට අපනයන ක්ෂේත්රය හා ආයෝජන ක්ෂේත්රය වෙනුවෙන් ඉන්දුනීසියානු වෙළෙඳ ප්රජාව සම්බන්ධ කරගනිමින් දෙරට අතර කර්මාන්ත කටයුතු ශක්තිමත්ව පවත්වා ගැනීමට අවශ්ය පියවර ගනු ලැබිය යුතු බව කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා විසින් මෙහිදී පෙන්වා දෙන ලදී. තම ඉන්දුනීසියානු සංචාරයේදී එරට කර්මාන්ත අමාත්යවරයා සමග සාකච්ජා කරගත් අවබෝධතා ගිවිසුම් නුදුරේදීම ක්රියාත්මක කිරීමට සුදානම් බවත් අමාත්යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

තානාපතිනි දේවි ගුස්ටිනා ටෝබින් මහත්මිය විසින් ශ්රී ලංකාව මෑතකදී අත්පත් කරගන්නා ලද විශිෂ්ටතම ජයග්රහණයක් වන ශ්රී ලාංකේය කුරුඳු සඳහා වන භූගෝලීය දර්ශකය ලබා ගැනීම පිළිබඳව සිය සුභාශිංසන පළ කරන ලදී. එමෙන්ම ශ්රී ලංකාවේ තේ වැනි නිෂ්පාදනයන් සඳහා ඉන්දුනීසියාව තුළ පවතින ඉල්ලුම පිළිබඳව ද තානාපතිනිය විසින් අදහස් දක්වන ලදී. මෙරට ආයුර්වේද ඖෂධ ඉන්දුනීසියාවට අපනයනය කිරීමට හැකි දේශීය කර්මාන්තකරුවන්ට ඉදිරියේදී ඊට අවශ්ය සහයෝගය ලබාදෙන ලෙස අමාත්යවරයා තානාපතිවරියගෙන් ඉල්ලීමක් ද කළ අතර එය ඉක්මනින්ම සිදුකරන බව තානාපතිවරිය අමාත්යවරයාට පොරොන්දු විය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්යාංශයේ ලේකම් විශ්රාමික ජනරාල් දයා රත්නායක, අතිරේක ලේකම් රංජිත් විමලසුරිය, අමාත්ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි යන මහත්වරු ද එක්ව සිටියහ.

මාධ්ය ඒකකයකර්මාන්ත අමාත්යාංශය2022.02.23

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*