BREAKING NEWS

සෙරමික්, පෝසිලේන්, ටයිල් හා ග්‍රැනයිට් නිෂ්පාදන කර්මාන්තයේ ගැටළු විසදීමට කර්මාන්ත ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් උපදේශක කමිටුවක් පත් කෙරේ…

කර්මාන්ත අමාත්යාංශය යටතේ ක්රියාත්මක කර්මාන්ත ක්ෂේත්ර 20 පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් ඉදිරි ක්රියාමාර්ග ගැනීම සදහා උපදේශක කමිටු පිහිටුවීමේ වැඩපිළිවෙල යටතේ 11 වන උපදේශක කමිටුව ලෙස සෙරමික්, පෝසිලේන්, ටයිල් හා ග්රැනයිට් නිෂ්පාදන කර්මාන්තයේ උපදේශක කමිටුව පිහිටුවීම සහ එම ක්ෂේත්රය ආශ්රිත ගැටළු පිළිබඳව සාකච්ජා කිරීමට එම ක්ෂේත්රයට අදාළ කර්මාන්තකරුවන්ගේ සහභාගිත්වයෙන් සාකච්ජාවක් අද (15) කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්රධානත්වයෙන් අමාත්යාංශයේදී පැවැත්විණි.

මෙම ක්ෂේත්රය වෙනුවෙන් උපාය මාර්ගික සැළැස්මකට අනුව කටයුතු කිරීමේ ඇති වැදගත්කම පිළිබදව අමාත්යවරයා මෙහිදී සිය අදහස් ප්රකාශ කළේය. ටයිල් සහ උපාංග මිල ඉහළ යාමට හේතුව සහ එම මිල ගණන් පාරිහෝගිකයාට දැරිය හැකි මට්ටමකට පවත්වාගෙන යාමේ අවශ්යතාවය ගැන මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරිණි. වත්මන් ආණ්ඩුව දේශීය නිෂ්පාදකයාට වැඩි අවස්ථාව ලබාදීමේ අරමුණින් ආනයන සීමා කොට ඇති පසුබිමක දේශීය නිෂ්පාදකයින් විසින් පාරිභෝගිකයාට සාධාරණයක් වන පරිදි ටයිල් මිල පවත්වාගෙන යෑම සිදු කරන ලෙස අමාත්යවරයා නිෂ්පාදකයන්ට කියා සිටියේය. දේශීය ටයිල් නිෂ්පාදකයින්ගේ ආදායම වැඩි වන විට එහි වාසිය රටේ සාමාන්ය පාරිහෝගිකයාටත් ලබාදෙන ලෙස ටයිල් නිෂ්පාදකයන්ගෙන් ඉල්ලා සිටින බව අමාත්යවරයා ප්රකාශ කරන ලදි.

ටයිල් සහ උපාංග සදහා පනවා ඇති බදු ක්රමයන් පිළිබද ගැටළු, ටයිල් නිෂ්පාදනයට අවශ්ය මැටි කැනීම සම්බන්ධයෙන් පවතින ගැටළු ඇතුළු කේෂේත්රයේ පවතින ගැටළු බොහොමයක් මෙහිදී කර්මාන්තකරුවෝ අමාත්යවරයාගේ අවධානයට යොමු කළේය. එම ගැටළු විසදිමටත්, මෙම ක්ෂේත්රයට පිවිසීමට බලාපොරොත්තුව සිටින නව කර්මාන්තකරුවන්ට අවශ්ය සහයෝගය ලබාදීමට මැදිහත් වන ලෙසත් අමාත්යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය. ලංකාවේ ඛනිජ සම්පත් කළමනාකරණය පිළිබද ජාතික ප්රතිපත්තියක් නොමැති වීමෙන් මුහුණපා ඇති ගැටළු සහ අභියෝග පිලිබදව අමාත්යවරයා අදහස් ප්රකාශ කල අතර ඒ වෙනුවෙන් කඩිනමින් ජාතික ප්රතිපත්තියක් සැකසීමට කටයුතු කරන බවද කියා සිටියේය.

මේ අතර ටයිල් කර්මාන්තකරුවෙක් විසින් අමුද්රව්ය ලෙස හගවා ව්යාජ ලේඛන සකසා මෙරටට ටයිල් තොගයක් ගෙන ඒම පිළිබදව දැනගත් වහාම එම ගෙන්වා ඇති භාණ්ඩ තොගය නිදහස් නොකරන ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබාදුන් බව අමාත්යවරයා කියා සිටියේය. අද එම ආයතන නියෝජනය කරමින් පැමිණි සිටි නියෝජිතයාට අමාත්යවරයා තදින් දෝෂාරෝපණය කල අතර එම ආයතනයට සහ එම ආනයනය සිදු කිරීමට අවසර ලබාදුන් නිලධාරීන්ට විරුද්ධව පරිෂණයක් පවත්වා නීතියම පියවර ගන්නා ලෙස උපදෙස් ලබාදුන්නේය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්යංශයේ ලේකම් අනුෂ පැල්පිට, අතිරේක ලේකම් එස්.එල් නසීර්, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, ලංකා පිගන් සංස්ථාවේ සභාපති ජූඩ් ප්රනාන්දු, රේගු දෙපාර්තමේන්තුව, ආනයන පාලක, ලංකාවේ ප්රමුඛ පෙළේ මෙන්ම සියලුම ටයිල්,උපාංග, ග්රැනයිට්, සෙරමික්, පෝසිලෙන් නිෂ්පාදන සමාගම් නියෝජනය කරමින් නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී විය.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*