BREAKING NEWS

වසර 40කට පෙර පෞද්ගලීකරණය කළ බලවේග පේෂකර්ම ආයතනවල සේවකයන් 3332ක පිරිසකට මාසික දීමනාවක් ලබා දෙන්න ඇමති විමල් මුල් වෙයි!

1980 හා 1982 කාලය තුළ පෞද්ගලීකරණය කළ බලවේග පේෂකර්ම ආයතනවල වසර 10කට අඩු සේවා කාලයක් හිමි සේවකයන්ට ඔවුන් ජීවත්ව සිටිනතාක් මෙලෙස මාසික දීමනාවක් හිමි වේ.

මෙම පිරිසගේ දුක්ගැනවිලිවලට සවන් දෙමින් කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා2020 -07-15 දින ඉදිරිපත් කළ අමාත්ය මණ්ඩල සංදේශය මගින් මෙම සහනය ලබා දී ඇත. වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ, බතික් අත්යන්ත්ර රෙදි හා දේශී ය ඇගළුම් නිෂ්පාදන රාජ්ය අමාත්ය දයාසිරි ජයසේකර, පේෂකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂතුමිය,වයඹ පළාත් පේෂකර්ම අධ්යක්ෂතුමිය ඇතුලු රාජ්ය නිළධාරීන් රැසක සහභාගිත්වයෙන් අද (14) දින සියලුම සෞඛ්යය නීති රීතීන්ට අනුකූලව වයඹ පළාත්සභා ශ්රවණාගාරයේ දී පැවැත්විය.

 

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*