Previous Story
🔴 පළමු දිනය අපේ රටේ ඉදිරි ගමනේ පුරෝගාමී බලඇණිය ජාතික කර්මාන්ත ප්රදර්ශනයෙන් ඇගයීමට ලක් කරමින්…
Posted On 03 Feb 2022
Comment: 0
“මෙරට කර්මාන්තකරුවන් ධනය උපදවාලීමට කෙටි මාවත් සොයන්නවුන් නොවෙයි. තමන් උපන් මාතෘභූමියට ඉතා ඉහළ අගය එකතු කිරීමක් සිදුකරන්නවුන්. මාතෘභූමියට අගය එකතු කිරීමට හැමෝටම බැහැ. දේශීය කර්මාන්තකරුවා කියන්නේ ධනය උපදවන්නෙක් වුවත් ඔහු ධනය උපදවන්නේ තමන් උපන් රටට අගය එකතු කරමින් ‘මේඩ් ඉන් ශ්රී ලංකා’ කියන අපේ සන්නාමය ජාත්යන්තරව බලගන්වමින්. ඒ නිසා අපේ රටේ ඉදිරි ගමනේ පුරෝගාමී බලඇණියයි අපි අද මේ ජාතික කර්මාන්ත ප්රදර්ශනයෙන් ඇගයීමට ලක් කරන්නේ.” කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා මෙසේ පැවසුවේ ‘කර්මාන්ත 2022 : ජාතික කර්මාන්ත ප්රදර්ශනයෙහි සමාරම්භක උළෙලෙහි සිය දේශනය සිදුකරමිනි.
පෙර කී වදන් යථාවත් කරමින්, ප්රදර්ශන කුටියෙන් කුටියට යමින්, කර්මාන්තකරුවන් අගයමින්, ඔවුන්ගේ තොරතුරු විමසන අමාත්යවරයා අපගේ කාචයට හසු වූයේ මෙසේය…