BREAKING NEWS

“දැය දිනවන නව ගමනකට උපත ලබාදීමට අදිටන් කර ගනිමු!”

1815දී බ්රිතාන්ය අධිරාජ්යවාදීන්ගේ පූර්ණ ග්රහණයට නතු වූ අපගේ මාතෘභූමියට නාමිකව හෝ නිදහස ලැබුණේ 1948 පෙබරවාරි 04 වැනිදා ය. එතැන් සිට පාලන බලය ස්වදේශික නායකයන්ගේ අතට ලැබුණ ද රට පාලනය කළ යුතු වූයේ බ්රිතාන්ය අධිරාජ්යයේ කිරීටය හිමි රජුගේ හෝ රැජිනගේ හෝ නාමයෙනි. ‘ඩොමීනියන් නිදහස’ ලෙස හැඳින්වූ එම තත්ත්වය වෙනස් වූයේ මෙරට පළමු ජනරජ ව්යවස්ථාව ක්රියාත්මක වීම ඇරැඹි 1972 මැයි 22 වැනිදා සිට ය. ඒ කෙසේ වෙතත් අද වන විට එකී නාමික නිදහස අප වෙත ලැබී වසර 74 කි.

1948දී අප ලේ බිඳුවකුදු නොහෙළා නිදහස ලැබූ බව ඇතැමුන් පැවසුව ද සත්ය එය නොවේ. ‘1818 ඌව වෙල්ලස්ස නිදහස් අරගලය’ හෙවත් බ්රිතාන්ය අධිරාජ්යවාදීන්ට එරෙහිව පැන නැගී ප්රථම නිදහස් අරගලයේදී දිවි පිදූ වීර මොනරවිල කැප්පෙටිපොළ නිලමේතුමන් ඇතුළු අපගේ වීර මුතුන්මිත්තන්ගේ රුධිරය ඒ තුළ ගැබ්ව තිබේ. එසේම 1848 පැනනැගි දෙවැනි නිදහස් අරගලයේදී ද ගොන්ගාලේගොඩ බණ්ඩා, වීර පුරන්අප්පු වැනි වීර මුතුන්මිත්තන් දහස් ගණනින් දිවි පිදූහ. අප රටක්, ජාතියක් ලෙස සමරනු ලබන්නේ එවන් කුරිරුකම්, සැහැසිකම් මැද බ්රිතාන්ය අධිරාජ්යවාදීන් වෙතින් ලද නිදහස බව කිසිසේත්ම අමතක නොකළ යුතුය.

මෙසේ බ්රිතාන්ය අධිරාජ්යවාදීන් වෙතින් නිදහස් කරගත් අපගේ ජාතික රාජ්යය යළි අපගෙන් උදුරා ගැනීමේ දිශාවට රැගෙන යාමේ මෙහෙයුම් ගෙවී ගිය වසර 74 පුරාම ක්රියාත්මක වූ බව දැක ගත හැකිය. මීට දෙවසරකට පෙර අප පරාජයට පත් කරනු ලැබුවේ, 2015 ජනවාරි 08 වැනිදා ඇරැඹුණු එවැනි අධිරාජ්යවාදී මෙහෙයුමකි.

ගෙවීගිය 74 වසර තුළ අප ජාතියක් ලෙස යා යුතුව තිබුණේ ගොවි ජනතාව, වැඩ කරන ජනතාව බලගන්වන, රාජ්ය ආර්ථික සම්පත් බලගන්වන ගමනකි.1956දී ද 1970 දී ද ජාතික ආර්ථිකය ශක්තිමත් කරන, නිෂ්පාදනය බලගන්වන, දෑහිතකාමිත්වය මත පදනම් වූ එවන් ගමන් ඇරඹි බවත් එහිදී අප ජාතියක් ලෙස ජයග්රහණ රැසක් ලබා ගත් බවත් ගෙවී ගිය වසර 74 දෙස විමසිලිමත්ව බැලීමේදී දැකගත හැක. අද අප සිටින්නේ 1977 දී, ඉහත කී 1970 ඇරඹි දෑහිතකාමී ගමනට රැහැනිව හඳුන්වා දුන් විවෘත ආර්ථික ගමනෙහි කෙළවර ය.

මේ නිදහස් සැමරුම එළඹෙන මොහොතේ ලක් මාතාව අපට බලකර කියා සිටින්නේ නොපමාව ජාතික ආර්ථිකය ශක්තිමත් කරන, දේශීය නිෂ්පාදනය බලගන්වන, දෑහිතකාමීත්වය මත පදනම් වූ නව ගමනකට සැරසෙන ලෙස ය. ඒ සඳහා වන වගකීම රටට හිතැති සියලු ජනතාවගේ දෙවුර මත පැටවී තිබේ. එහිදී එම ‘නව ගමනක උපත’ යථාර්ථයක් කෙරුම පිණිස සියලු වගකීම් අතර උත්තරීතර වගකීම බව ‘ජනවරමේ වගකීම’ රකිමින් ඊට නායකත්වය දීමට අපි සූදානම්ව සිටින්නෙමු. එම ‘නව ගමනට උපත දීමේ’ අදිටන ඇතිකර ගැනීමට සුදුසුම මොහොත මේ නිදහස් සැමරුම් දිනය නොවන්නේද? එම අදිටනින් යුතුව නිදහස් සැමරුමට සැරසෙමු!

විමල් වීරවංශ (පා.ම.)
කර්මාන්ත අමාත්ය,
නායක, ජාතික නිදහස් පෙරමුණ.
2022.02.04

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*