BREAKING NEWS

අත්තනගල්ල යෝජිත කර්මාන්තපුරය ඉදිකරන ස්ථානය කර්මාන්ත අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට…

ගම්පහ දිස්ත්රික්කයේ අත්තනගල්ල පෙතියාකන්ද ප්රදේශයේ අක්කර 150 කට වැඩි භුමි භාගයක ඉදිකිරීමට යෝජිත කර්මාන්තපුරය ඉදිකරන ස්ථානය අද (22) කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමා ඇතුළු නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් කෙරිණි.

බස්නාහිර පළාත තුල සුළු හා මාධ්ය පරිමාණ කර්මාන්තකරුවන් 150 කට වැඩි පිරිසක් ඉදිරිපත් කොට ඇති ව්යාපෘති යෝජනා අතරින් තෝරාගත් කර්මාන්තකරුවන් සදහා මෙම කර්මාන්තපුරයේ අවස්තාව ලබාදීමට නියමිතය. සුළු හා මාධ්ය පරිමාණ කර්මාන්තකරුවන් නගාසිටුවීම රජයේ ප්රතිපත්තිය අනුව මෙහි වැඩි අවස්තාව ඔවුන් වෙනුවෙන් ලබාදීමට කටයුතු කරන ලෙස නිරීක්ෂණයෙන් අනතුරුව අමාත්යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්යංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, කර්මාන්ත අමාතංශයේ අධ්යක්ෂක වින්දික පියරත්න, අමාත්යංශයේ ගම්පහ දිස්ත්රික් සම්බන්ධීකරණ ලේකම් ලලන්ත ගුණසේකර, කර්මාන්ත අමාත්යංශයේ නිලධාරීන් සහ ප්රදේශයේ දේශපාලන නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*