BREAKING NEWS

“අද ඊ.ඒ.පී. සමූහ ව්‍යාපාරය කුප්‍රකට ලයිකා මොබයිල් හිමිකරු සුබාස්කරන් අලිරාජා හා ඔහුගේ බිරිඳට අයිති වෙලා. මේකට මහ බැංකු අධිපතිවරයාත් වගකිය යුතුයි”

– ජානිපෙ නායක විමල් වීරවංශ

කුප්‍රකට ලයිකා මොබයිල් සමාගමේ අයිතිකරු සුබාස්කරන් අලිරාජා හා ඔහුගේ බිරිඳට මේ වන විට ඊඒපී සමූහ ව්‍යාපාරය මුළුමනින්ම අයිති වී ඇති බවත් එම සමූහ ව්‍යාපාරය මිලදී ගත්තේ බ්ලූ සමිට් කැපිටල් මැනේජ්මන්ට් සමාගම විසින් බව මහ බැංකුව එම ගනුදෙනුව සිදු වූ 2018 ජනවාරි 12 වැනිදා පැවසුවත් 2018 ජුලි 24 වැනිදා වන විට එම සමාගමේ කොටස් 100%ක්ම සුබාස්කරන් අලිරාජා සහ ඔහුගේ බිරිඳට අයත් පෙටීහෝ සමාගම මිලදී ගෙන ඇති බවත් මේ රටත් ජනතාවත් රැවටූ ගනුදෙනුවට අගමැතිවරයා හා කැබිනට් මණ්ඩලය පමණක් නොව මහ බැංකු අධිපතිවරයා ද සම්පූර්ණයෙන්ම වගකිය යුතු බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ඔහු මේ බව පෙන්වා දුන්නේ අද(10) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“යහපාලන ආණ්ඩුව යටතේ සිදු වූ ඉතා බරපතළ වංචා සහගත ව්‍යාපාරික ගනුදෙනුවක් පිළිබඳව කරුණු අනාවරණය කිරීමටයි හිතවත් මාධ්‍යවේදී ඔබ මෙැනට කැඳවූයේ. ඊඒපී සමූහ ව්‍යාපාරයේ සභාපතිනිය වූ සෝමා එදිරිසිංහ මැතිනිය මියයාමට පෙර ගොඩනඟා තිබූ ආයතනවලින් බංකොලොක් වූ මූල්‍ය ආයතනය හැර සියලු ආයතන සුබාස්කරන් අලිරාජා හෙවත් කුප්‍රකට ලයිකා මොබයිල් සමාගමේ අධිපතිවරයා හිමිකාරීත්වය දරන වෙනත් සමාගමකට අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයේ හා මහ බැංකු අධිපතිවරයාගේ පූර්ණ ආශිර්වාදය සහිතව ඉතාමත් අඩු ලංසුවකට විකුණා දමනු ලැබුවා.

මේ ගනුදෙනුවට අදාළ දේපළවල වටිනාකම පළමුවරට තක්සේරු කෙරෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 55කටයි. එහිදී දේශීය ව්‍යාපාරිකයකු ඊට වැඩි ලංසුවකට එම දේපළ ඉල්ලා සිටිනවා. ඒ නිසා එයට තවත් ආයතන කිහිපයක් එකතු කර සමස්ත දේපළවල වටිනාකම ඩොලර් මිලියන 60 දක්වා ඉහළ දැම්මා. එහිදීත් දේශීය ව්‍යාපාරිකයා එම දේපළ එනම් ඒ ආයතන ඩොලර් මිලියන 61කට ඉල්ලා සිටියා. එවිට බංකොළොත් වූ මූල්‍ය සමාගම හැර සියලු ඊඒපී සමූහ ව්‍යාපාරයේ වත්කම් ඩොලර් මිලියන 75කට තක්සේරු කරන මහ බැංකුව, යළි ලංසු කැඳවනවා. එවිට දේශීය සමාගමට තරඟ කිරීමේ හැකියාව නැති වෙනවා. නමුත් මේ කුප්‍රකට ලයිකා මොබයිල් සමාගමේ අධිපති සුබාස්කරන් අලිරාජාට අයත් සමාගමට මේ දේපළ සියල්ල පවරා දෙන්නේ කොටස් වශයෙන් ගෙවීමේ පදනම යටතේයි.

‘සුබාස්කරන් අලිරාජාගේ පැටිකිරිය’

ලෝකයේ බොහෝ රටවල් මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී සංවිධානයක් වූ කොටි සංවිධානයේ අරමුදල් තම ව්‍යාපාරවලට යොදවා ඇතැයි යන චෝදනා මත ඔවුන්ගේ රටවලට වැද්දානොගන්නා අයෙක් තමයි සුබාස්කරන් අලිරාජා. කුප්‍රකට ලයිකා මොබයිල් සමාගමටත් එවැනිම තහංචි දැමීමට ලෝකයේ බොහෝ රටවල් කටයුතුකර තිබෙනවා. නමුත් මේ ආණ්ඩුව ඉතාමත් සූක්ෂ්ම ලෙස දේශීය ව්‍යාපාරිකයා ද ඉවත් කරමින් කුප්‍රකට ලයිකා මොබයිල් සමාගමේ අධිපති සුබාස්කරන් අලිරාජාට අයත් සමාගමකට ඊඒපී සමූහ ව්‍යාපාරය විකුණා අවසන්.

‘රටට – ජනතාවට කොලේ වැහීම’

මේ ගනුදෙනුව ආණ්ඩුවේ ප්‍රබල තනතුරක් දරන පුද්ගලයකුගේ උපදෙස් මතයි ඉතා සූක්‍ෂ්ම ලෙස සිදු වූයේ. මෙහිදී මහ බැංකුව සමඟ ගනුදෙනු සිදු කළේ සිංගප්පූරුවේ ලියාපදිංචි සමාගමක් වූ බ්ලූ සමිට් කැපිටල් මැනේජ්මන්ට් පුද්ගලික සමාගමයි. 2018 ජනවාරි 12 වැනිදා එම සමාගමේ කොටස් අයිතිය 100%ක්ම ඔවුන්ටයි තිබුණේ. 2018 ජුලි 05 වැනිදා පෙටීගෝ නැමති සමාගමට 59.9%ක කොටස් විකුණා දැමීමටත් 2018 ජුලි 24 වන විට පෙටීගෝ සමාගමට මුළුමනින්ම තම කොටස් විකුණා දැමීමටත් බ්ලූ සමිට් කැපිටල් මැනේජ්මන්ට් පුද්ගලික සමාගම කටයුතු කර තිබෙනවා. දැන් බලන්න, මේ පෙටීගෝ සමාගම අයිති කාටද, කියා. සුබාස්කරන් අලිරාජාට සහ ඔහුගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන්ටයි. කොහොමද මේ අයගේ ‘කොලේ වැහීම’?

මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදී මුදල් යොදවා ව්‍යාපාරික කටයුතුවල නිරත වීම යන චෝදනා මත බොහෝ රටවල් වැද්දානොගන්නා ජාවාරම්කරුවකුට අද මේ රටේ මාධ්‍ය ආයතනයක් ඇතුළු ව්‍යාපාරික ස්ථාන රැසක හිමිකාරීත්වය පැවරී අවසන්. කෙසේ නමුත් දැන් තමන්ගේ වැඬේ කෙරිලා නිසා මේ ගනුදෙනුවට අදාළ ඉතිරි මුදල් නොගෙවා සිටීමට සුබාස්කරන් අලිරාජා කටයුතු කරමින් සිටිනවා. කොටස් වශයෙන් මුදල් ගෙවීමට දිගින් දිගටම කල් ඉල්ලමින් සිටීමයි එයාලා දැන් කරන්නේ. 2019 පෙබරවාරි 14 වැනිදා තමයි දැනට ලබා දී ඇති ඉතිරි මුදල් ගෙවීමේ අවසන් දිනය. බ්ලූ සමිට් සමාගම දැන් පෙටීගෝ නැමති සුබාස්කරන් අලිරාජාගේ සමාගම විසින් මිල දී ගත් බව මේ වන විට අගමැතිවරයා සහ මහ බැංකු අධිපතිවරයා නොදැන සිටීමට හේතුවක් නැහැ. මහ බැංකුව මේ ආකාරයට ත්‍රස්තවාදී සංවිධානයක මුදල් යොදවා දේශීය ව්‍යාපාර මිලදී ගැනීමට ඉඩ දුන්නා නම් එතැන ඇත්තේ ඉතාමත් සැක කටයුතු තත්වයක්.

‘මහ බැංකු අධිපතිට අනතුරු හැඟවීමක්’

මේ ගනුදෙනුව පිටුපස අග්‍රාමාත්‍යවරයාත් චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිවරියගේ උපදේශකයකු වූ මනෝ තිත්තවැල්ල යන අයත් ඍජුව ඉඳ තිබෙනවා. මහ බැංකුවත් දැනුවත්ව කොටි ඩයස්පෝරාව සතුටු කිරීම වෙනුවෙන් තමයි මේ අයථා ගනුදෙනුව සිදු කර ඇත්තේ. අපි මහ බැංකු අධිපතිවරයාට අනතුරු අඟවනවා ‘මහ බැංකු බැඳුම්කර වංචාව සිදු වී 2019 පෙබරවාරි 27 වැනිදාට වසර 04යි. හිටපු අධිපතිවරයා සේම එවැනිම අක්‍රමිකතාවකට මුල් වූ ඔබ ද ඉදිරියේදී මේ සම්බන්ධයෙන් නීතිය ඉදිරියට යෑමට සූදානම්ව සිටින්න’ කියා.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2019-02-10

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*