BREAKING NEWS

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය යළි සේවයේ පිහිටුවිය යුතුයි!

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය යළි සේවයේ පිහිටුවිය යුතුයි!

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නියෝග පරිදි රේගු අධ්‍යක්ෂ ජනරාල් පී. එස්. එම් චාර්ල්ස් මහත්මිය ඉවත්කර දේශපාලන අවශ්‍යතා මත ඒ සඳහා විශ්‍රාමික නාවික නිලධාරියකු පත් කිරීමත් සමඟ රේගු වෘත්තීය සමිති අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක් ගෙන ඇත.

රේගු බදු ආදායම් අඩුවීම සහ මත්ද්‍රව්‍ය රටට පැමිණීම වැළැක්වීම සඳහා රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ඉවත් කළ බව මුදල් අමාත්‍යවරයා පවසයි. නමුත් සත්‍ය එය නොවේ. අවංක රාජ්‍ය නිලධාරිනියක වූ රේගු අධ්‍යක්ෂ ජනරාල් පී. එස්. එම් චාර්ල්ස් මහත්මිය ඉවත් කර තම දේශපාලන හිතවතකු ඒ සඳහා පත් කිරීමට හේතු වී ඇත්තේ ඇය මුදල් ඇමතිවරයාගේ ලේකම්වරුන්ගේ හා එජාප මැති, ඇමතිවරුන්ගේ බලපෑම්වලට යටත් නොවීම ය. දිගින් දිගටම රේගු අධ්‍යක්ෂ ජනරාල්වරියට බලපෑම් කරමින් ඉහත පිරිස් රේගු බදු සහන ලබා ගැනීමට උත්සාහ කර තිබූ බව රටම දන්නා කරුණකි.

ප්‍රීමා පිටි ගෙන්වීමේදී රේගුවට අයවිය යුතු රුපියල් මිලියන 475ක් ලබා ගැනීමට ක්‍රියාමාර්ග ගැනීමේදී අගමැති කාර්යාලයෙන් බලපෑම් එල්ල වීම, ඇමතිවරයකුගේ රැකවරණය මත බාල ගම්මිරිස් ටොන් 2800ක් බදු නොගෙවා ගෙන්වා ගැනීම, තීරුබදු රහිතව පොල්තෙල් මෙ.ටො. 469ක් ගෙන්වා රුපියල් මිලියන 81ක් රටට අහිමි කිරීම මේ ආණ්ඩුවේ ප්‍රබලයන් හා බැඳුණු රේගුවට සම්බන්ධ දූෂණ හා අක්‍රමිකතාවලින් කිහිපයකි.

ඉහත කී සාධාරණ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට වහා විසඳුම් ලබා දී රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය යළි සේවයේ පිහිටුවීමට කටයුතු කරන ලෙස අපි ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටිමු.

විමල් වීරවංශ (පා.ම.)
නායක,
ජාතික නිදහස් පෙරමුණ
2019.02.01

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*