Previous Story
“අපි අපේ රට දියුණු විය යුතු යැයි සිතනවා නම් ඒ සඳහා වන පළමු අවම කොන්දේසිය දේශීය නිෂ්පාදන පරිභෝජනයට හුරු වීමයි” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ
Posted On 14 Feb 2022
Copyright ©2023 wimalweerawansa.lk. All rights reserved.
Email : contact@wimalweerawansa.lk
Address : 342/1/4 E.W. Perera Mw, Kotte Rd, Pita Kotte, Sri Lanka
දේශීය දෑ නගා සිටුවීමට කතාකරන අප එය මිලදී ගතයුතුයැයි කෙරෙන ප්‍රකාශය සෑහීමකට පත් විය නොහැකි පිලිතුරකි. එයට අවශ්‍ය වන්නේ පාරිභෝගිකයාට අවශ්‍ය ආකාරයට එය නිපදවීම නිපදවන්නාට අවශ්‍ය පහසුකම් රජයෙන් ලබා දීම සහ වෙලද පොල තරගකාරීත්වයට මුහුණ දීමට අවශ්‍ය යටිතල ය රජය විසින් සකසා දීම යන සංකල්පයි. උදාහරණයක් ගන්න පාසල් දරුවනට අප කලකට ඉහත රෙදි ලබා දුන්නෙමු. එය දේශීය නිෂ්පාදනයක් වූවානම් ගැනුම් කරුවෙක් මෙන්ම රැකියා දහස් ගණනක් ද ජනිත කළ හැකිව තිබුණි. එහෙත් අප කළේ එය එක් කම්පැණියකට පැවරීමයි. කළ යුත්තේ පොඩි මිනිසා රැකගෙන දේශිය දේ ඉහළට ගැනීමයි. දේශීය ව්‍යාපාර යනු හුදෙක් සල්ලි කාරයන් කිහිප දෙනෙකු මත විශ්වාසය තැබීම යන සංකල්පයෙන් මිදී සියලු දේශීය නිෂ්පාදකයන්ට ස්වයං රැකියා කරන්නන්ට නව නිපයැම් කරුවන්ට අවශ්‍ය යටිතල පහසුකම් සලසා සාමුහිකව දේශීය දේ සඳහා වෙළදපලක් රට තුල ඈති කරගැනීමයි. ඒ සඳහා පොඩි මිනිසා තුල කැක්කුමක් ඇති වීමට ඒ සඳහා රජයෙන් ලැබිය යුතු සහය ලැබිය යුතුය. කොටි සමග යුද්ධය කලේ කිහිප දෙනෙකු නොව රටේම ජනයාගේ සිත් සතන් ඒ දෙසට යොමු කොට සාමුහිකවය රටෙහිම ජනතාව ඒ වෙනුවෙන් එකා මෙන් පෙළ ගැසීමෙනි. ඒ සඳහා රජය පෙර ගමන් කරු විය යුතුය. දේශීය දේ විමධ්‍යගත කරමින් ඊට අවකාශය සැලසිය යුතුය යන්න මාගේ පෞද්ගලික අදහසයි.