BREAKING NEWS

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය 5,000ක් සවිබල ගැන්වීමට මහජන බැංකුව සහ කාර්මික සංවර්ධන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබෙයි

ශ්රී ලංකාවේ ක්ෂුද්ර, කුඩා හා මධ්ය පරිමාණ ව්යවසාය (MSMEs) සංවර්ධනය වෙනුවෙන් සුවිශේෂී වැඩසටහනක් ආරම්භ කරමින් මහජන බැංකුව සහ කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම අද (09) සිදුවිය.

මහජන බැංකුවේ මාණ්ඩලික අභ්යාස විද්යාල පරිශ්රයේදී මෙම සහයෝගීතාවයට එළඹිනි.කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර හා ව්යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්ය විමල් වීරවංශ මහතා ප්රධාන ආරාධිත අමුත්තා වශයෙන් මේ අවස්ථාවට සහභාගී විය.

මෙම එකඟතාවයට අනුව මහජන බැංකුව හා කාර්මික සංවර්ධන මණ්ඩලය ඒකාබද්ධව ක්ෂුද්ර, කුඩා හා මධ්ය පරිමාණ ව්යවසාය (MSMEs) 5,000කට ආසන්න සංඛ්යාවක් සවිබලගැන්වීම වෙනුවෙන් අවශ්ය තාක්ෂණික හා කළමනාකරණ සහයෝගය ලබා දෙන අතර, ඔවුන් වෙත අවශ්ය මුල්ය පහසුකම් සපයමින් එකී ව්යාපාරයන්ගේ තිරසරභාවය ඇතිකිරීම සඳහා කැපවීමෙන් කටයුතු කරනු ඇත. ආනයන ආදේශන, අපනයන අභිමුඛ, දේශීය අගය එකතුකළ නිෂ්පාදන හා වෘත්තීය අවස්ථා නිර්මාණය කළ හැකි ව්යාපාර ක්ෂේත්රයන් සංවර්ධනය සඳහා දායක වීම මෙම ව්යාපෘතියේ ප්රධාන අරමුණයි.

මෙම ව්යාපෘතියෙහි මුල්ය සවිබලය ලබාදීම මහජන බැංකුව විසින් සිදුකරන අතර, එක් එක් ව්යාපාරය සඳහා සුවිශේෂී ගැලපෙන ආකාරයට මුල්ය පහසුකම් සැපයීමේ මහජන බැංකුව සතු අත්දැකීම් ඊට විශාල ශක්තියක් වනු ඇත. කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ කටයුතු කරමින් කළමනාකාරීත්ව, තාක්ෂණික හා වෙළෙඳපොළ ප්රවේශය යන අංශයන්ගෙන් විශිෂ්ටත්වයන් පෙන්නුම් කරන ලද ක්ෂුද්ර, කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායන් සඳහා අවශ්ය මුල්ය සහයෝගය ලබාගැනීමට මහජන බැංකුව වෙත යොමුකිරීම මෙම ව්යාපෘතියෙහි ප්රධාන කාර්යභාරයකි. අවශ්යතාවය මත අදාළ ණය මුදල තීරණය කරනු ලබන අතර, මුල්ය ශක්යතාවය හා ව්යාපෘති මෙහෙයුම් ශක්යතාවය ද එහිදී සලකා බැලෙන අනිවාර්ය කරුණු වේ. අදාළ කුඩා හා මධ්ය පරිමාණ ව්යවසාය ණය පහසුකම් දක්වා තිබෙන කොන්දේසිවලට යටත්ව මෙම ණය පහසුකම් ලබාදීම පිළිබඳව සලකා බැලීමට කටයුතු කරන අතර, මහජන බැංකුව හා කාර්මික සංවර්ධන මණ්ඩලය ඒකාබද්ධව ව්යාපාර සංවර්ධනය සඳහා ලබා දුන් මුල්ය පහසුකම් පිළිබඳ පසු විපරම් කටයුතු සිදුකෙරෙනු ඇත.

ශ්රී ලාංකීය බැංකුකරණ ක්ෂේත්රයෙහි ඉතිහාසය තුළ රාජ්ය ආයතන දෙකක් ඒකාබද්ධ ව්යාපෘතියක් සඳහා මුලපුරමින් ව්යවසායකත්ව සංවර්ධනය හරහා රටේ ආර්ථික ක්රියාවලිය ඉහළ නැංවීමට අත්වැල් බැඳගත් මෙම අවස්ථාව සැබැවින්ම ඓතිහාසික අවස්ථාවක් වනු ඇත.

කාර්මික සංවර්ධන මණ්ඩලය සමග ලියාපදිංචි වීමෙන් පසු පුළුල් පරාසයක පැතිරුණු පුහුණුවක් ලබාගනිමින් ප්රායෝගික ව්යාපාර සැලසුමක් නිර්මාණය කරන ගනුදෙනුකරුවන්ට ඉන් පසු මහජන බැංකුවේ ශාඛා කළමනාකාරවරයෙක් හමුවී තම ව්යාපාරික සැලසුම ඉදිරිපත් කළ හැකිය. ඉන්පසු බැංකු ශාඛා කළමනාකාරවරයා විසින් ගනුදෙනුකරු විසින් ඉදිරිපත් කළ අදාළ ව්යාපාර යෝජනාව ඇගයීමට ලක්කරනු ඇති අතර, එහි ව්යවසාය සංවර්ධන ශක්යතාවයක් තිබේ නම් ඊට වඩාත් ගැලපෙන මුල්ය පහසුකමක් ලබාදීමට කටයුතු කරනු ඇත.

කාර්මික සංවර්ධන මණ්ඩලය සිය ප්රාදේශීය මධ්යස්ථාන ජාලය හරහා රටපුරා විසිර සිටින ව්යවසායකත්ව හැකියාවන් සහිත පිරිස් හඳුනාගනිමින් ඔවුන් සවිබලගැන්වීමට කටයුතු කරයි. මේ සඳහා ඉතා පළපුරුදු හා අත්දැකීම් බහුල කාර්ය මණ්ඩලයක් කාර්මික සංවර්ධන මණ්ඩලය සතු බව විශේෂයෙන්ම සිහිපත් කළ යුතුය. මහජන බැංකුවේ ප්රාදේශීය ණය ඒකකයන් විසින් තමන් වෙත ලැබෙන ව්යවසාය යෝජනා ඇගයීමට ලක්කෙරෙන අතර, ශ්රී ලංකාව පුරාම පැතිර පවතින සිය ශාඛා ජාලය හරහා ගනුදෙනුකාර සබඳතාවයන් ඉහළ නංවාගැනීමටද කටයුතු කෙරේ.

කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්යාංශයේ ලේකම් ජේ. ඒ. රංජිත්, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්යක්ෂ ජෙනරාල් පී. එල්. යූ. රත්නමලල, කාර්මික සංවර්ධන මණ්ඩලයේ ප්රාදේශීය සංවර්ධන අධ්යක්ෂ කේ. එම්. එස්. ජී. බණ්ඩාර, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, මහජන බැංකුවේ ප්රධාන විධායක නිලධාරී/ සාමාන්යාධිකාරී රංජිත් කොඩිතුවක්කු සහ මහජන බැංකුවේ නියෝජ්ය සාමාන්යාධිකාරිනි (ව්යවසායකත්ව බැංකු කටයුතු) ක්රිශානි නාරංගොඩ ඇතුළු මහජන බැංකුවේ කාර්යමණ්ඩල සාමාජික සාමාජිකාවෝ හා කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිලධාරිහු මේ අවස්ථාවට සහභාගීවී සිටියහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*