BREAKING NEWS

‘කොළඹ සජ්ජන මන්ත්‍රණය’ රටට පණ දෙන විමල්ට තුති පුදති!

මහා සංඝරත්නය, ජාතික ව්යාපාරයේ නියමුවන්, කලාකරුවන් ද විද්වත් වෘත්තිකයන් පිරිසකගේ ද සහභාගීත්වයෙන් අද (09) බත්තරමුල්ල පැලවත්ත බුද්ධදාස ක්රීඩාංගණයේදී පැවැති ‘කොළඹ සජ්ජන මන්ත්රණයේදී’ මෙවර කොළඹ දිස්ත්රික්කයට ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් අංක 19න් ඉදිරිපත්ව සිටින ජානිපෙ නායක විමල් වීරවංශ මහතාට ජාතික ව්යාපාරය වෙනුවෙන් ආචාර්ය ගුණදාස අමරසේකර සූරීන්ද කලාකරුවන් වෙනුවෙන් ප්රවීණ ගායන ශිල්පිනී සංජීවනී වීරසිංහ මහත්මිය ද ඒ මහතා සිදුකළ ජාතික මෙහෙවර වෙනුවෙන් තුති පුදා විශිෂ්ඨ ජයග්රහණයකට සුබ පැතූහ.

මෙම අවස්ථාවට කෝට්ටේ ශ්රී කල්යාණි ධර්ම මහා සංඝ සභාවේ කාරක සංඝ සභික, අතුරුගිරිය පොරේ පුරාණ රජ මහා විහාරාධිපති පූජ්ය රුක්මලේ ධම්මකිත්ති නාහිමි පුමුඛ මහා සංඝරත්නය වැඩම කොට සිටියහ. එසේම ආගමික කටයුතු පිළිබද අමාත්යාංශයේ සම්බන්ධීකාරක ආචාර්ය කුරුකුලසූරිය පියතුමන්, මාලිගාවත්ත සිත්තිබිනායක කෝවිලේ ප්රධාන පූජක සිව ශ්රී ඉරා නීතිරාජා කුරුක්කල්තුමන්, අග්රාමාත්යතුමාගේ මුස්ලිම් කටයුතු සම්බන්ධීකාරක අල්හාජ් අසාඩ් මවුලානා පූජකතුමන් ඇතුළු සෙසු නායකයෝ ද මෙම සජ්ජන මන්ත්රණයට එක්ව සිටියහ.

දේශහිතෛෂී ජාතික ව්යාපාරයේ මහ ලේකම් වෛද්ය වසන්ත බණ්ඩාර, රජයේ ආයුර්වේද වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්ය නිමල් කරුණාසිරි, ජනාධිපති නීතිඥ වීරසිංහ යන මහත්වරුන් ඇතුළු විද්වත් වෘත්තිකයන් ද ප්රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මිය ඇතුළු ප්රවිණ කලා ශිල්පීන් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියේ විමල් වීරවංශයන්ට ඔහුගේ මෙහෙවර වෙනුවෙන් කෘතඥතාව පළ කිරීමට හා මැතිවරණ ව්යාපාරයට සවියක් වීමට ය.

එසේම මෙම ‘කොළඹ සජ්ජන මන්ත්රණයට’ ප්රධාන ආරාධිතයා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිදුන් එක් වූ අතර විමල් වීරවංශයන් වෙනුවෙන් එක්ව සිටි පිරිසට ආචාර කරමින් වේදිකාවට සම්ප්රාප්ත වූ එතුමන්ට ලැබුණේ ඉමහත් උණුසුම් ප්රතිචාරයකි.

බෙර සන්ධ්වනියකින් ද අංගම් පොර සංදර්ශනයකින් ද ‘කොළඹ සජ්ජන මන්ත්රණය‘ විචිත්රවත් විය.

 

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*