BREAKING NEWS

කෝට්ටේ ආසන ක්‍රියාකාරී කමිටුව “විමල්ගේ විජයග්‍රහණය” ට සැලසුම් සකසයි !

ජාතික නිදහස් පෙරමු⁣ණේ කෝට්ටේ ආසන සභාව ද අද (21) රාජගිරිය, වැලිකඩ දී රැස්විය. ඒ මෙවර මහා මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම මනාපයෙන් ජය ගන්නා විමල් වීරවංශයන්ගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කිරීමේ සැලසුම් සකස් කිරීමට ය. මෙම ආසන ක්‍රියාකාරී කමිටුවට ප්‍රධාන ආරාධිතයා ලෙස විමල් වීරවංශ මහතා එක්ව සිටි අතර ආසන සංවිධායක නුවන් ප්‍රියන්ත, ආසන ලේකම් නුවන් සමීර යන මහත්වරු ද ඊට සහභාගී වූහ.

 

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*