BREAKING NEWS

ගමේ දරුවන්ට නීති විද්‍යාලයේ දොර වහන පනතට විමල් විරුද්ධ වෙයි

බමුණුකුලයට ඉඩ හදමින් ගමේ දරුවන්ට නීති විද්‍යාලයේ දොර වැසීමේ පනතට තමන් දැඩි සේ විරුද්ධ බවත්, එම පනත වහාම අකුලා ගන්නා ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (21) දින ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

සිංහල භාෂාවෙන් නීති විද්‍යාලයේ ඉගෙන ගැනීමට තිබෙන අවස්ථාව අහෝසි කරමින් ආණ්ඩුව ගෙන ආ පනතට එරෙහිව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙම ඉල්ලීම සිදු කළේය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*