BREAKING NEWS

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටළුව විසඳීම සඳහා පත් කළ කැබිනට් අනු කමිටුව තෙවන වරටත් රැස්වෙයි !

ගුරු විදුහල්පති වෘත්තීය සමිති සමඟ වෙන වෙනම සාකච්ඡා අඛණ්ඩව….

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටළුව විසඳීම සඳහා නිර්දේශ ඉදිරිපත් කරනු පිණිස පසුගිය අමාත්ය මණ්ඩල රැස්වීමේදී පත්කරන ලද අමාත්ය මණ්ඩල අනු කමිටුව අද (17) කොළඹ දී තෙවන වරටත් රැස්විය.

මෙම අනුකමිටුව සුපුරුදු පරිදි අද දිනයේ ද රැස්වූයේ කමිටු සාමාජික කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතාගේ නිල නිවසේ දී ය.

පළමු අනු කමිටු රැස්වීමේදී තීරණය කළ පරිදි ‘ගුරු විදුහල්පති වෘත්තීය සමිති සමග වෙන වෙනම සාකච්ඡා කිරීම’ මේ වන විට ඇරඹී ඇති අතර පසුගියදා 13 වැනිදා ශ්රී ලංකා පොදුජන අධ්යාපන සේවා සංගමය, අධ්යාපන වෘත්තීයවේදීන්ගේ සංගමය, වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය යන වෘත්තීය සමිති සමග සාකච්ඡා පැවැත්විණි. අද (17) දිනයේදී ලංකා විදුහල්පති සංගමය, සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමය, ශ්රී ලංකා නිදහස් ගුරු සංගමය යන වෘත්තීය සමිති අමාත්ය අනුකමිටුව විසින් වෙන වෙනම සාකච්ඡා සඳහා කැඳවා තිබිණි.

මෙසේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සමඟ වෙන වෙනම පවත්වනු ලඛන සාකච්ඡාවලට අමතරව මෙතෙක් මෙම ගැටළුව විසඳීම සඳහා ගෙන ඇති පියවරයන් පිළිබඳ තොරතුරු අධ්යාපන අමාත්යාංශයෙන් ලබාගෙන ඒවා ද අධ්යයනය කරමින් රජයටත්, ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ටත් පිළිගත හැකි, සුදුසු විසඳුමක් ලබාදීමට අනු කමිටුව වෙහෙසෙමින් සිටින බව අමාත්ය විමල් වීරවංශ මහතා පැවසීය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,

මාධ්ය ලේකම්,
කර්මාන්ත අමාත්යාංශය
2021-08-17
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*