BREAKING NEWS

‘ගෝඨාභය බලයට ආවොත් පසුදාම හමුදා පාලනයක් ඇතිවේවි’ කියූ කතා අද බොරු වෙලා. උතුරට සංවර්ධනය හා විරැකියාවට විසඳුම් දෙන රජයක් ඇති වී තිබෙනවා.

‘ගෝඨාභය බලයට ආවොත් පසුදාම හමුදා පාලනයක් ඇතිවේවි’ කියූ කතා අද බොරු වෙලා. උතුරට සංවර්ධනය හා විරැකියාවට විසඳුම් දෙන රජයක් ඇති වී තිබෙනවා.
– කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ

ඇතමුන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුවහොත් පසුදාම හමුදා පාලනයක් ඇතිවන බවට උතුරේ ජනතාව බිය වැද්දුවත් අද එම ප්‍රකාශ අසත්‍ය වී උතුරේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමට හා විරැකියාවට විසඳුම් දෙන රජයක් බිහි වී ඇතැයි කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අද (17) ඔඩ්ඩුසුඩාන්හි පිහිටි ලංකා පිඟන් සංස්ථාවේ වසා දමා ඇති උළු හා ගඩොල් කර්මාන්ත ශාලා පරිශ්‍රය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ ඇමතිවරයා ඇමැතිවරයා මෙසේද පැවසීය.

”1990 සිට වසා දමන ලද, ඔඩ්ඩුසුඩාන් ජනතාවට බොහෝ සේවා සැපයූ මෙම ආයතනය මාස දෙක තුනක් ඇතුළත යළි විවෘත කළ හැකි තත්ත්වයට පත් කිරීමට අපි කටයුතු කරනවා. එමගින් ප්‍රදේශයේ ජනතාවගේ දරුවන්ට රැකීරක්ෂා ලබාදීමටත් සෙසු ජනතාවගේ අවශ්‍යතා ඉටු කරන්නටත් අපි බලාපොරොත්තු වෙනවා.

ඒ වෙනුවෙන් කැප වී කටයුතු කිරීමට අදාළ ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන නව සභාපතිවරයෙකු ද පත් කොට තිබෙනවා. ප්‍රදේශයේ ජනතාවට අපි කියනවා ‘අපට උදව් කරන්න මේකෙන් ඔබලාගේ ජීවන තත්ත්වය ඉහළ යනවා. ඔබට අවශ්‍ය කරන ප්‍රගතිය මේ ප්‍රදේශයට ලබා දෙනවා’ කියා.

මෙම කර්මාන්තශාලාවට යල්පැනගිය යන්ත්‍ර වෙනුවට අලුත් යන්ත්‍රසූත්‍ර ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය කැපවී සිටින්නේ දේශීය කර්මාන්ත සහ ව්‍යවසායන් දියුණු කිරීමට. එමගින් විශේෂයෙන් උතුරු නැගෙනහිර විරැකියාවට විසඳුම් ලබාදීමට අපට පුළුවන්. අපි රජයක් ලෙස එය ඉටු කරනවා

ඇතැමුන් ‘ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුවහොත් පසුවදාම හමුදා පාලනයක් ඇති කරාවි’ කියා උතුරු නැගෙනහිර ඔබලා බිය කළ බව අපි දන්නවා. නමුත් ඒ කතා සියල්ල අසත්‍ය බව දැන් ඔබට තහවුරු වී තිබෙනවා. ඒ වෙනුවට අද සිදුවන්නේ ඔබලාගේ ජීවන තත්ත්වය ඉහළ දමන විරැකියාවට විසඳුම් දෙන රජයක් බිහිවී තිබීමයි රජය සහ ඔබ අතර විරසකයක් හදන්න ඇතැමුන් උත්සාහ කරනවා ඊට රැවටෙන්න එපා.”

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ජේ.ඒ රංජිත්, ලංකා පිඟන් සංස්ථාව සභාපති කේ.ජේ.ආර් සෙනරත් යන මහත්වරු ද එක්ව සිටියහ.

මීට තිස් වසරකට පෙර සිය රැකියා අහිමි වූ පිරිස් ද, ප්‍රදේශවාසීන් ද එම අවස්ථාවට එක්ව සිටියහ. ඔවුන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට ඇමතිවරයා එම අවස්ථාවේම පිළිතුරු දී ඒවාට කඩිනමින් විසඳුම් ලබා දීමට ද එකඟ විය.

මාධ්‍ය ඒකකය
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන,
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය
2020-01-17

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*