BREAKING NEWS

චීන කොමියුනිස්ට් පක්ෂයට වසර 100ක් සැපිරීම වෙනුවෙන් පැවති ලෝක දේශපාලන පක්ෂ ඔන්ලයින් සමුළුවට ඇමති විමල් එක්වෙයි !

චීන කොමියුනිස්ට් පක්ෂයට වසර100ක් සැපිරීම වෙනුවෙන් පැවති ලෝක දේශපාලන පක්ෂ ඔන්ලයින් සමුළුවට ගරු අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් ප්රමුඛ නියෝජිත පිරිසක් ඊයේ (06) අරලියගහ මන්දිරයේ සිට සම්බන්ධ වූහ.

එම අවස්ථාවට විදේශ කටයුතු අමාත්ය, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ, ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, අධ්යාපන අමාත්ය මහාචාර්ය ජී එල් පීරිස්, ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජ්යෙෂ්ඨ උප සභාපති, කම්කරු අමාත්ය නිමල් සිරිපාල සිල්වා, පිවිතුරු හෙළ උරුමයේ නායක, බලශක්ති අමාත්ය උදය ගම්මන්පිල යන මහත්වරු ඇතුළු නියෝජිත පිරිසක් ද එක්ව සිටියහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*