BREAKING NEWS

පොලිතීන් නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රයේ සහ පොලිතතීන් ප්‍රතිචක්‍රීකරණ ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන් මුහුණපා ඇති ගැටළු පිළිබද සාකච්ජාවක්..!

පොලිතීන් නිෂ්පාදන ආශ්රිත කර්මාන්ත ක්ෂේත්රයේ සහ පොලිතින් ප්රතිචක්රීකරණ ක්ෂේත්රයේ කර්මාන්තකරුවන් මුහුණපා ඇති ගැටළු පිළිබද විශේෂ සාකච්ජාවක් කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ, වෙළද අමාත්ය බන්ධුල ගුණවර්ධන හා පරිසර අමාත්ය මහින්ද අමරවීර යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් අද (05) වෙළද අමාත්යාංශයේදී පැවැත්විය.

සමස්ත ලංකා පොලිතීන් නිෂ්පාදනකරුවන්ගේ සහ ප්රතිචක්රීකරණය කරන්නන්න්ගේ සංගමය විසින් කර්මාන්ත අමාත්යවරයා වෙත කරන ලද ඉල්ලීමකට අනුව මෙම සාකච්ජාව පැවැත්වූ අතර ඔවුන්ගේ කර්මාන්ත මුහුණපා ඇති ගැටළුවලට විසදුම් ලබාදීම එහි මූලික අරමුණ විය.

පොලිතීන් ආශ්රිත නිෂ්පාදකයින් විකල්ප ක්රමවලට යොමුවීමේ වැදගත්කම, පොලිතීන් ප්රතිචක්රීකරණය කරන නවීන ක්රමවල වැදගත්කම ඇතුළු කරුණු රාශියක් මෙහිදී සාකච්ජා කෙරිණි. පරිසරයට සිදුවන හානිය අවමකොට නිෂ්පාදනය කරන පොලිතීන්, නිෂ්පාදකයින් විසින්ම ප්රතිචක්රීකරණ ක්රියාවලියකට ලක්කිරීම සිදුකළ යුතු බව මෙහිදී අවධාරණය කෙරිණි.

මෙම සාකච්ජාවට කර්මාන්ත අමාත්යංශයේ ලේකම් ජනරාල් (විශ්රාමික) දයා රත්නායක මහතා, වෙළද අමාත්යංශයේ ලේකම් ජේ.එම්.බී. ජයවර්ධන මහත්මිය, පරිසර අමාත්යංශයේ අතිරේක ලේකම් ඇතුළු නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.

මාධ්ය ඒකකය
කර්මාන්ත අමාත්යාංශය
2021.07.05
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*