BREAKING NEWS

ජාතික නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කොළඹ දිස්ත්‍රික් සහෘදයන්ට ඇමති විමල් තුති පුදයි…

ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතාගේ මැතිවරණ ජයග්රහණය වෙනුවෙන් කැප වූ ජාතික නිදහස් වෘත්තීය සමිති මධ්යස්ථානයේ කොළඹ දිස්ත්රික් සහෘදයන්ට තුති පිදීම සඳහා සංවිධානය කළ සුහද හමුවක් ඊයේ (29) අතුරුගිරිය, හල්බරාව ගාර්ඩන්ස්හි ජෙනිරෝ උත්සව ශාලාවේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට ජාතික නිදහස් වෘත්තීය සමිති මධ්යස්ථානයේ කොළඹ දිස්ත්රික් නියෝජිතයන් පිරිසක් සමඟ අනුබද්ධ වෘත්තීය සමිතිවල නායකයෝ සහ මැතිවරණ ව්යාපාරයට දායකත්වය දැක්වූ කඩුවෙල ආසනයේ ව්යාපාරික ප්රජාව ද එක්ව සිටියහ. මෙම සුහද හමුව ජාතික නිදහස් වෘත්තීය සමිති මධ්යස්ථානයේ ලේකම් තුෂාර මෙන්ඩිස් මහතා විසින් සංවිධානය කොට තිබිණි.

 

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*