BREAKING NEWS

විශේෂ නිවේදනයයි !

දිවයින පුරා විසිරී සිටින කර්මාන්තකරුවන්,
කොවිඩ් -19 වසංගතය හමුවේ මුහුණදී ඇති ගැටළු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමේ අරමුණින් සෘජු දුරකථන අංක තුනක් හඳුන්වා දී ඇත.

අදාළ විෂයභාර පහත සඳහන් කර්මාන්ත අමාත්යාංශ අධ්යක්ෂවරු තිදෙනා ඇමතීමෙන් තම ගැටළු සඳහා ක්ෂණික විසඳුම් ලබාගත හැකි බව කර්මාන්තකරුවන්ට මෙයින් දැනුම් දෙන්නෙමු.

* අධ්යක්ෂ වින්දික පියරත්න – 0713976406
(කර්මාන්තපුර තුළ පවත්වාගෙන යනු ලබන කර්මාන්ත පිළිබඳ ගැටලු)

* අධ්යක්ෂ රසික විජේකෝන් – 0113158114
(කර්මාන්තපුර තුළ පිහිටා නොමැති අනෙකුත් කර්මාන්ත පිළිබඳ ගැටලු)

* අධ්යක්ෂිකා සිතාරා ජයසේන – 0770820775
(ආනයන තීරුබදු පිළිබඳ ගැටලු)

– කර්මාන්ත අමාත්යාංශය 

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*