BREAKING NEWS

ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන උළෙල 2021(National Cleaner Production Awards 2021) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශයන්ගේ ප්‍රධානත්වයෙන්…

ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්යස්ථානය(National Cleaner Production Centre) විසින් සංවිධානය කරනු ලබන ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන උළෙල 2021(National Cleaner Production Awards 2021) අද(19) සවස බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී සෞඛ්ය මාර්ගෝපදේශවලට අනුකූලව පැවැත්විණි.

කර්මාන්ත ආයතනවල පාරිසරික වගකීම් සහ දායකත්වයන් අගයනු ලබන මෙම ” ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන 2021″ උළෙලෙහි ප්රධාන ආරාධිතයා ලෙස කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා සහභාගී වූයේ ය. නිෂ්පාදන හා සේවා සැපයුම් අංශයන්හී පරිසර තිරසාරත්වය සම්බන්ධයෙන් ඉහළම ප්රගතියක් පෙන්වූ ආයතන වෙනුවෙන් පිරිනැමෙන ප්ලැටිනම් සහ රන් සම්මාන ප්රදානය ද කර්මාන්ත අමාත්යවරයාගේ සුරතින් සිදු කෙරිණි.

‘ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන 2021’ උළෙලේදී අමාත්ය විමල් වීරවංශයන්ගේ සුරතින් සම්මාන ලැබූ ආයතන මෙසේ ය.

මුද්රණ සහ ඇසුරුම්කරණ කර්මාන්ත ක්ෂේත්රයේ මධ්යම පරිමාණ නිෂ්පාදන අංශයෙන් විජය පුවත්පත් සමාගම, හෝකන්දර සංකීර්ණය, තේ කර්මාන්ත ක්ෂේත්රයේ මහා පරිමාණ නිෂ්පාදන අංශයෙන් සමර්සෙට් වතුයාය, තලවකැලේ තේ සමාගම, ඇගළුම් කර්මාන්ත ක්ෂේත්රයේ මහා පරිමාණ නිෂ්පාදන අංශයෙන් නොයෝන් ලංකා පුද්ගලික සමාගම යන ආයතන “ප්ලැටිනම් සම්මානයෙන්” පිදුම් ලැබූහ.

ඇගළුම් කර්මාන්ත ක්ෂේත්රයේ මහා පරිමාණ නිෂ්පාදන අංශයෙන් මාස් ක්රීඩා සිනර්ජි සමාගම, ආහාර නිෂ්පාදන ක්ෂේත්රයේ මහා පරිමාණ අංශයෙන් ඩේන්ටී සමාගම, සේවා සැපයුම් අංශයෙන් හෝටල් ක්ෂේත්රයේ රාවණා ගාර්ඩන් සස්ටේනබල් ලක්ෂරි හොටෙල්, ප්ලාස්ටික් කර්මාන්ත ක්ෂේත්රයේ ඊබී ක්රීසි ඇන්ඩ් කම්පැනි – බික් සහ ඩෙන්ටා කර්මාන්ත ශාලාව , මිල්ලෑව, තේ කර්මාන්ත ක්ෂේත්රයේ මහා පරිමාණ නිෂ්පාදන අංශයෙන් බෙයාවෙල් වතුයාය, තලවකැලේ තේ සමාගම, ඇගළුම් කර්මාන්ත ක්ෂේත්රයේ මධ්ය පරිමාණ නිෂ්පාදන අංශයෙන් ඩයිනවොශ් සමාගම, ඇගළුම් කර්මාන්ත ක්ෂේත්රයේ මහා පරිමාණ නිෂ්පාදන අංශයෙන් හේලීස් ෆැබ්රික් සමාගම යන ආයතන “රන් සම්මානයෙන්” පිදුම් ලැබූහ.

පාරිසරික සුරක්ෂිතතාව තහවුරු කරමින්, තරඟකාරී වෙළඳපළ තුළ ශ්රී ලංකාවට කීර්තියක් අත්පත් කර දෙමින් මෙරට ආර්ථිකයට සුවිශාල දායකත්වයක් සපයන සම්මානලාභී ආයතන සැමට කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා සිය උණුසුම් සුභාෂිංසන පිරිනමනු ලැබුවේ ය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්යාංශයේ ලේකම්, විශ්රාමික ජෙනරාල් දයා රත්නායක, පරිසර අමාත්යාංශයේ ලේකම් වෛද්ය අනිල් ජාසිංහ, ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්යස්ථානයේ සභාපති ගාමිණී ගුණසේකර යන මහත්වරු ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් එක්ව සිටියහ.

මාධ්ය ඒකකය,
කර්මාන්ත අමාත්යාංශය,
2022-01-19
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*