BREAKING NEWS

🔴 දෙවන දිනය (පළමු දිගහැරුම) අපේ රටේ ඉදිරි ගමනේ පුරෝගාමී බලඇණිය ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයෙන් ඇගයීමට ලක් කරමින්…

“මෙරට කර්මාන්තකරුවන් ධනය උපදවාලීමට කෙටි මාවත් සොයන්නවුන් නොවෙයි. තමන් උපන් මාතෘභූමියට ඉතා ඉහළ අගය එකතු කිරීමක් සිදුකරන්නවුන්. මාතෘභූමියට අගය එකතු කිරීමට හැමෝටම බැහැ. දේශීය කර්මාන්තකරුවා කියන්නේ ධනය උපදවන්නෙක් වුවත් ඔහු ධනය උපදවන්නේ තමන් උපන් රටට අගය එකතු කරමින් ‘මේඩ් ඉන් ශ්රී ලංකා’ කියන අපේ සන්නාමය ජාත්යන්තරව බලගන්වමින්. ඒ නිසා අපේ රටේ ඉදිරි ගමනේ පුරෝගාමී බලඇණියයි අපි අද මේ ජාතික කර්මාන්ත ප්රදර්ශනයෙන් ඇගයීමට ලක් කරන්නේ.” කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා මෙසේ පැවසුවේ ‘කර්මාන්ත 2022 : ජාතික කර්මාන්ත ප්රදර්ශනයෙහි සමාරම්භක උළෙලෙහි සිය දේශනය සිදුකරමිනි.

පෙර කී වදන් යථාවත් කරමින්, ප්රදර්ශන කුටියෙන් කුටියට යමින්, කර්මාන්තකරුවන් අගයමින්, ඔවුන්ගේ තොරතුරු විමසන අමාත්යවරයා අපගේ කාචයට හසු වූයේ මෙසේය…

 

 

 

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*