BREAKING NEWS

දේශීය දැනුම් පද්ධතිය සහ ස්වාභාවික අමුද්‍රව්‍ය පදනම් කරගත් ‘ නෙල්ලි – කෝලා’ නිෂ්පාදක ‘මා ප්‍රොඩක්ට්’ පුද්ගලික සමාගමට ISO 22000 තත්ව සහතිකය…

දේශීය දැනුම් පද්ධතිය සහ ස්වභාවික අමුද්රව්ය පදනම් කරගත් ‘ නෙල්ලි – කෝලා’ පානය නිෂ්පාදනය කරනු ලබන පානදුර ‘මා ප්රොඩක්ට්’ පුද්ගලික සමාගමට ISO 22000 තත්ව සහතිකය ලබාදීම අද (16) කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්රධානත්වයෙන් සිදුවිය.

මෙම වසරේ පෙබරවාරි මස කර්මාන්ත අමාත්යතුමාගේ සුරතින් ජනගත කෙරුණු ‘ නෙල්ලි – කෝලා නිෂ්පාදනය දේශීය වෙළදපොළේ ලබාගත් ඉහළ පැසසුම නිසා එය විදෙස් වෙළදපොළ දක්වා ගෙන යාමේදී අවශ්ය ජාත්යන්තර තත්ව සහතික ලබාගැනීමේ ක්රියාවලි අනුව යමින් ඒ සදහා ISO 22000 තත්ව සහතිකය ලබා ගැනීම මෙසේ සිදුවිය. ‘මා ප්රොඩක්ට්’ පුද්ගලික සමාගමට සිය නිෂ්පාදන ධාරිතාව වැඩිකරගැනීම වෙනුවෙන් අවශ්ය සහයෝගය ලබාදීමට ඉදිරියටත් සුදානම් බව අමාත්යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

(‘නෙල්ලි – කෝලා’ ජනගත කිරීම )

මාධ්ය ඒකකය
කර්මාන්ත අමාත්යාංශය
2021.11.16
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*