BREAKING NEWS

දේශීය නව නිපැයුම්කරුවෙක් විසින් නිර්මාණය කළ ලිපි ද්‍රව්‍ය ඇතුළු කඩදාසිවල ඇති විෂබීජ විනාශ කළ හැකි යන්ත්‍රයට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ අතහිත…!

කර්මාන්ත අමාත්‍යංශයට අයත් කළුතර කර්මාන්තපුරයේ විවිධ නිෂ්පාදනයන් කරමින් සිටින සහ මින් පෙර නව නිපැයුම් කිහිපයක්ම නිර්මාණය කල නිර්මාණකරුවෙක් වන අරුණ සමරවික්‍රම මහතා විසින් ලිපි ද්‍රව්‍ය ඇතුළු කඩදාසිවල ඇති විෂබීජ විනාශ කළ හැකි යන්ත්‍රයක් නිපදවා ඇති බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ඇමතිවරයාට දැනුම් දීමෙන් සහ ඒ සදහා සහාය ලබාදෙන ලෙස කරනු ලැබූ ඉල්ලීමට අනුව අමාත්‍යවරයාගේ මගපෙන්වීමෙන් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ මහතා අද (14) එම නව නිපැයුම්කරුවා මුණගැසිණි. රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයන් ඉදිරියේදි සිය කාර්යාල ආශ්‍රිතව රාජකාරි සිදුකිරීමේදී ලිපි ද්‍රව්‍ය ආශ්‍රිතව පැතිරිය හැකි කොවිඩ් ඇතුළු වෛරසයන් විනාශ කිරීමේ අරමුණින් මෙම නිර්මාණය සිදුකර තිබේ.

මෙහිදී ඔහු විසින් නිර්මාණය කර ඇති එම ලිපි ද්‍රව්‍ය ඇතුළු කඩදාසිවල ඇති විෂබීජ විනාශ කළ හැකි යන්ත්‍රය පිළිබද අදහස් දක්වමින් අරුණ සමරවික්‍රම මහතා කියා සිටියේ එම යන්ත්‍රය මගින් සෙල්සියස්අංශක 200°ක උපරිමය තෙක් රත්කිරීමේ හැකියාව ඇති බව ය. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන ලද වාර්තාවේ පරිදි කොරෝනා ඇතුළු විෂබීජ සෙල්සියස් අංශක 70° දී විනාශ වී යන බැවින් මෙම යන්ත්‍රය මගින් ඉතා පහසුවෙන් ලිපි ද්‍රව්‍ය ඇතුළු කඩදාසිවල ඇති විෂබීජ විනාශ කිරීමේ හැකියාව පවතින බව ය.

මෙම නිර්මාණයට දැනට ලැබුණු ඇණවුමක් අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙනුවෙන් නිර්මාණය කොට අවසන් අතර තැපැල් දෙපාර්තමේනේතුව සහ පෞද්ගලික බැංකු ඇතුළු ආයතන බොහොමයකින් දැනටමත් ඇණවුම් ලැබී ඇත. ඒ අනුව ඇමතිවරයාගේ මඟපෙන්වීමෙන් ඉදිරියේදී ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සහයෝගය ඇතිව මෙම යන්ත්‍රය නිෂ්පාදනය කිරීමට පුර්ණ සහයෝගය ලබාදෙන බව සභාපතිවරයා මෙහිදී පැවසිය.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*