BREAKING NEWS

නවදිල්ලියේ ඩෙන්මාර්ක් තානාපති ෆ්‍රෙඩී ස්වෝන් (Freddy Svane) මැතිතුමා සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා අතර ද්විපාර්ශ්වික සාකච්ජාවක්…

ශ්රී ලංකාවේ සංචාරයක නියුතු, ශ්රී ලංකාවට නම් කරන ලද ඩෙන්මාර්ක් තානාපති ෆ්රෙඩී ස්වෝන් (Freddy Svane) මැතිතුමා සහ කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමා අතර ද්විපාර්ශ්වික සාකච්ජාවක් අද(03) කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්යාංශයේදී පැවැත්විණි. ෆ්රෙඩී ස්වෝන් (Freddy Svane) මහතා ඉන්දියාව, ශ්රී ලංකාව, භූතානය, මාලදිවයින සහ නේපාලය සදහා නම් කරන ලද තානාපතිවරයා ද වෙයි. නවදිල්ලියේ නිත්ය තානාපතිවරයා වන ඔහු මේ දින කිහිපයේ ශ්රී ලංකාවේ සංචාරයක නිරතව සිටින අතර කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමා ද හමුවී සාකච්ජා කිරීමට කටයුතු කළේය.

තම නිල සංචාරයේදී ශ්රී ලංකාවේ ජනපති සහ අගමැති හමුවූ බවත් කර්මාන්ත අමාත්යවරයා හමුවීමට ද බෙහෙවින් කැමැත්තෙන් සිටි බවත් එම අවස්ථාව ලැබීම පිළිබදව සතුටු වන බවත් තානාපතිවරයා කියා සිටියේය. ශ්රී ලංකාව ඉතා ලස්සන රටක් වන අතර එහි සංස්කෘතිය, ස්වභාව සෞන්දර්ය සහ ආගන්තුක සත්කාර තමන් විශ්වමයට පත්කළ බවත් වැඩිදුරටත් ඔහු කියා සිටියේය. තානාපතිවරයා වැනි සුහදශීලි පුද්ගලයෙක් හමුවීමට ලැබීම පිළිබද සතුටු වන බව අමාත්යවරයා ද ප්රකාශ කරන ලදි.

ශ්රී ලංකාවේ වර්තමාන තත්වය, ආර්ථිකය, කර්මාන්ත සහ ආයෝජන පිළිබදව දෙපාර්ශ්වය අතර දීර්ඝ ලෙස සාකච්ජා කෙරුණු අතර මෙරට

වර්තමාන ආර්ථික ගැටළු තාවකාලික වන අතර ඒවා ඉක්මනින් යථා තත්වයට පත්වෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් කර්මාන්ත අමාත්යවරයා කියා සිටියේය. මෙරටට පැමිණෙන විදෙස් ආයෝජන සදහා කර්මාන්ත අමාත්යවරයා වශයෙන් තමන් උපරිම සහයෝගය ලබාදෙන බවත් කර්මාන්ත අමාත්යාංශය සහ අනුබද්ධ ආයතන ඒ වෙනුවෙන් කැපවන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්යවරයා කියා සිටියේය. ඩෙන්මාර්කයේ ආයෝජකයන්ට ද ශ්රී ලංකාවේ ආයෝජනයන් සදහා තමන් ආරාධනා කරන බව අමාත්යවරයා තානාපතිවරයාට කියා සිටියේය.

ඩෙන්මාර්කය විදුලි අවශ්යතාවෙන් 50%ක් සපුරා ගන්නේ සුළං මගින් වන අතර ඒ සදහා වන කාර්මික දැනුම සහ තාක්ෂණය තම රට සතු බවත් ඒවා ශ්රී ලංකාව සමග බෙදාගැනීමට තම රට කැමති බවත් තානාපතිවරයා ප්රකාශ කළේය. ඒ පිළිබදව සිය ස්තුතිය පළකළ කර්මාන්ත අමාත්යවරයා පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් සිදුකරන ආයෝජන සඳහා තමන් උපරිම සහයෝගය ලබාදෙන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය. ඒ වෙනුවෙන් අදාළ ව්යාපාරික කණ්ඩායමට මෙරටට පැමිණෙන ලෙස ද ආරාධාන කළේය.

සුහද සාකච්ජාව අවසානයේදී දේශීය කැවිලි වර්ග සහිත සංග්රහයක් සිදුකෙරුණු අතර ඩෙන්මාර්ක් තානාපතිවරයා තමන් එය ඉතා සතුටින් භුක්ති විදිනු ලැබූ බව පවසමින් මෙරට තේ සහ කෝපි පිළිබදවත් දීර්ඝ ලෙස පැසසුම් සිදුකරන ලදී. තේ පැන් සංග්රහය අවසානයේදී අද දින විවෘත කෙරුණු ‘කර්මාන්ත 2022 : ජාතික කර්මාන්ත ප්රදර්ශනය’ නැරඹීමට ද පැමිණෙන ලෙස කර්මාන්ත අමාත්යවරයා තානාපතිවරයාට ආරාධනා කළේය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්යාංශයේ ලේකම් විශ්රාමික ජනරාල් දයා රත්නායක, අතිරේක ලේකම්වරු වන චමින්ද පතිරාජ, රංජිත් විමලසුරිය, අමාත්ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි යන පිරිස එක්ව සිටියහ.

මාධ්ය ඒකකය,කර්මාන්ත අමාත්යාංශය,2022.02.03

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*