BREAKING NEWS

“නැත්ත වෙනුවට ඇත්ත ” පොත පිළිබඳ ලබා දී තිබෙන අධිකරණ තීන්දුව අප පිළිනොගන්නා බැවින් ඊට එරෙහිව ඉහළ අධිකරණයට යාමට අපි තීරණය කර ඇත්තෙමු.

“නැත්ත වෙනුවට ඇත්ත ” පොත පිළිබඳ ලබා දී තිබෙන අධිකරණ තීන්දුව අප පිළිනොගන්නා බැවින් ඊට එරෙහිව ඉහළ අධිකරණයට යාමට අපි තීරණය කර ඇත්තෙමු. එබැවින් අදාළ වන්දි මුදල් ගෙවීමේ අවශ්‍යතාවක් දැනට පැන නගින්නේ නැත .

එමෙන්ම එම මුදල මහජනතාවගෙන් එකතු කිරීමට පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිපාණන් වහන්සේ ක්‍රියා කරන බවට ගෙන යන ප්‍රචාරය උන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් රනිල් – සුමන්තිරන් – අනුර අධිරාජ්‍ය ගැති දේශද්‍රෝහි හවුලට එරෙහිව ක්‍රියා කරන අපටත් අසත්‍ය හා අවලාද වෙතින් දමාගැසීමේ සුපුරුදු මෙහෙයුමේ නිරතවූවන්ගේ ක්‍රියාවක් බවත් අවධාරණය කරමු.

”නැත්ත වෙනුවට ඇත්ත” කෘතියට ..එනම් එහි සදහන් සත්‍ය සමාජය හමුවේ නිරාවරණය වනු දැකීමට බියට පත්වූවන් ඔවුන්ම පවසන ධනේශ්වර අධිකරණයේ පිහිට පැතුවේ දේශපාලන වශයෙන් කෘතියෙන් මතුකර තිබෙන අභියෝගයට මුහුණ දීමට අසමත් නිසා බව කාටත් පැහැදිලි ය. ඒ බව නිරාවරණය වීම ලක්ෂ 100ට වඩා වටිනා බව පමණක් දැනට අවධාරණය කරමු.
– විමල් වීරවංශ

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*