BREAKING NEWS

පත්කළ ජනපතිට තමන්ගේ සීමාව විමල් මතක් කර දෙයි

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහජන ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයෙකු නොවන බවත්, ඔහු අඩුම තරමින් මහජන ඡන්දයෙන් පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද නොවන බවත් උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසයි.

ඒ ඊයේ (11) දින සිදු වූ උත්තර ලංකා සභාගයේ කෑගල්ල සම්ප්‍රාප්තියේදීය.

උත්තර ලංකා සභාගයේ සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ, වත්මන් ජනාධිපතිවරයා පත්කළ ජනාධිපතිවරයෙකු බැවින් ඔහුට පත්කළ අරමුණෙන් සහ ජනවරමෙන් ඔබ්බට ක්‍රියා කිරීමට අයිතියක් නොමැති බවයි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*