BREAKING NEWS

“පාන්පිටිවලට ආදේශකයක් වූ හාල්පිටි නිපදවිය හැකි තාක්ෂණය සහිත කර්මාන්තය යළි නගා සිටුවීමට අවශ්‍ය සහයෝගය ලබා දෙනවා” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

පාන්පිටිවලින් සෑදිය හැකි සියලු බේකරි නිෂ්පාදන ඇතුළු ආහාර වර්ග සෑදිය හැකි සහල්පිටි නිපදවීමේ තාක්ෂණය සහිතව 2011දී විවෘත කළ වේයන්ගොඩ හෙල්දිෆ්ලා කර්මාන්ත ශාලාවට පසුගිය ආණ්ඩුවේ අදූරදර්ශී ප්රතිපත්ති හේතුවෙන් 2015 ජනවාරි 19 සිට සහල්පිටි නිපදවීම අතහැර දැමීමට සිදුව ඇති බවත් දැනට කුරුදු, කහ, ඉගුරු, සේර වැනි කුළුබඩු පිටි ලෙස සැකසීමේ කටයුතුවලට මෙන්ම පොල්පිටි නිපදවීමට සීමා වී නිෂ්පාදන ධාරිතාව 10%කට පහළ බැස ඇති මෙම කර්මාන්ත ශාලාවට යළි පාන්පිටිවලට ආදේශකයක් වූ උසස් ප්රමිතියෙන් හා ගුණාත්මක බවින් යුතු සහල්පිටි නිපදවීමට අවශ්ය සහයෝගය ලබාදෙන බවත් කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා පවසයි.

අද (03) වේයන්ගොඩ ආහාර දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ පිහිටා ඇති මෙම කර්මාන්ත ශාලාවෙහි වර්තමාන තත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

2011 දී ආරම්භ කළ මෙම කර්මාන්ත ශාලාව හේතුවෙන් දේශීය ආහාර පරිභෝජනයෙහි විශාල වැඩිවීමක් සිදු වූ බවත් 2013 වසර වන විට මෙරටට පාන්පිටි ගෙන්වීම 50%කින් පමණ අඩු වූ බවත් පාන්පිටිවලට ආදේශකයක් වූ හාල්පිටි නිපදවිය හැකි තාක්ෂණය සහිත කර්මාන්තය මඟින් රට තුළ ඉතිරි වූ විදේශ විනිමය ප්රමාණය ඩොලර් මිලියන150ක් බවත් හෙල්දිෆ්ලා පෞද්ගලික සමාගමේ නිර්මාතෘ අරුණකාන්ත බණ්ඩාර මහතා මෙහිදී සඳහන් කළේය.

එසේම තම සහල් පිටි නිෂ්පාදනය පාන්පිටිවලින් සාදනු ලබන පාන්, කේක්, රොටී, ඉඳි ආප්ප, පිට්ටු පමණක් නොව බිස්කට් හා නූඩ්ල්ස් වැනි ආහාර වර්ග සියල්ල සෑදිය හැකි නිෂ්පාදනයක් බව ද අරුණ කාන්ත මහතා සිහිපත් කළේය. ඉදිරියේදී තම කර්මාන්තශාලාව සහල්පිටි නිෂ්පාදනය ද සහිතව සම්පූර්ණ ධාරිතාවෙන් යුතුව ආරම්භ කිරීමට අවශ්ය සහයෝගය දේශීය කර්මාන්ත සවිබල ගැන්වීමේ නිරතව සිටින විමල් වීරවංශ මහතා ලබාදෙනු ඇති බව තමන්ට විශ්වාස බව ද හෙල්දිෆ්ලා සමාගමේ නිර්මාතෘවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්ය ලේකම්
කර්මාන්ත අමාත්යාංශය
2021.04.03
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*