BREAKING NEWS

පෞද්ගලීකරණයෙන් තොරව පොස්පේට් සමාගමෙන් රටට වැඩ කරන හැටි ඇමති විමල් කියයි

ලංකා පොස්පේට් සමාගමේ අයිතිය 100% ක් රජය සතුව තබා ගනිමින්, රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාර සමාගමක් යටතේ නව තාක්ෂණය ද යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ පොහොර අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට හැකි තත්වයක් නිර්මාණය කිරීම තම අරමුණ බවත් ඒ සඳහා සේවක පිරිසගේ ද පූර්ණ සහයෝගය බලාපොරොත්තු වන බවත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසුවේ අද (14) ලංකා පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවක යෙදීමෙන් අනතුරුව එහි සේවක පිරිස අමතා අදහස් දක්වමිනි.

මෙම අවස්ථාවට සමාගමේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය මෙන්ම සමාන්‍යාධිකාරී ඇතුළු සෙසු සේවක පිරිස් ද එක්ව සිටියහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*