BREAKING NEWS

“මෙම වසරේ දී බදුල්ල දිස්ත්‍රික්කය තුළ නව කර්මාන්තපුර දෙකක් පිහිටුවීමට කටයුතු කරනවා.” -කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

බදුල්ල දිස්ත්රික්කයේ මහියංගණයේ දැනටමත් කර්මාන්තපුරයක් ඇරඹීමට කටයුතු යොදා ඇති බවත් මේ වසර අවසන් වීමට ප්රථම බදුල්ල නගර සීමාව තුළ ද නව කර්මාන්තපුරයක් ඇරඹීමට පියවර ගන්නා බවත් බදුල්ලේ පමණක් නොව මොනරාගල දිස්ත්රික්කයේ ද කර්මාන්ත ප්රවර්ධනයට පියවර ගනිමින් එමගින් ඌව පළාත තුළ තවදුරටත් රජ කරන දුගීභාවය පහත හෙළීමට සූදානම් බවත් කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ(18) සවස බදුල්ල හෙරිටේජ් රිසෝට් හිදී පැවති ඌව පළාත් කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයින්ගේ සංවර්ධන සංවිධානය(USDO) විසින් කැදවා තිබූ ඌව පළාත් ව්යාපාරික සමුළුවෙහි(Uva Business Summit 2022) ප්රධාන ආරාධිත දේශනය පවත්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ කර්මාන්ත අමාත්යවරයා මෙසේද සඳහන් කළේය.

“ඌව පළාත් කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයින්ගේ සංවර්ධන සංවිධානයේ(USDO) ආරාධනය පිළිගනිමින් ඔවුන් සංවිධානය කරනු ලැබූ ඌව පළාත් ව්යාපාරික සමුළුවට සහභාගි වීමට ලැබීම පිළිබඳව කර්මාන්ත අමාත්යවරයා ලෙස මම සතුටු වෙනවා. අපේ රටේ ‘සිවිල් සංවිධාන’ නමින් මෙම රටට බාල්දි පෙරළන සංවිධාන නම් ඕනෑවටත් වඩා තිබෙනවා. හැබැයි මේ ආකාරයේ රටේ නිෂ්පාදකයන්ගේ හැකියාව වර්ධනය කරන සංවිධාන ඇත්තේ අතලොස්සයි. දේශීය නිෂ්පාදන බලගැන්වීමට බල කෙරී ඇති මෙවන් මොහොතක නිෂ්පාදකයාගේ හැකියාව වර්ධනය කරන සංවිධාන මේ රට වැඩි වැඩියෙන් ඉල්ලා සිටිනවා. මෙතැන අද සම්පූර්ණ කරලා තිබෙන්නේ ඒ රික්තකය යි.

‘මහියංගණයට – බදුලු නගරයට කර්මාන්තපුර 02ක්’

ඌව පළාත ගැන කියැවෙන්නේ දුගීභාවය රජ කරන පළාතක් විදිහට. ඒ තත්ත්වය වෙනස් කරලා ඌව පළාතට ගෞරවයක් ලැබෙන ආකාරයට කටයුතු කරන්න නම් අපි මෙම පළාතේ කර්මාන්ත ප්රවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා. මීට කලින් සුදර්ශන දෙනිපිටිය මන්ත්රිතුමා සඳහන් කළා වගේ අපි දැනටමත් මහියංගණය ප්රදේශයේ කර්මාන්තපුරයක් පිහිටුවීමට කටයුතු කරගෙන යනවා. ඊළඟ වටයේදී මේ අවුරුද්ද ඇතුළත බදුල්ල නගරයේත් කර්මාන්තපුරයක් පිහිටුවීමට අවශ්ය කටයුතු අපි සිදුකරනවා.

‘සමාජ මාධ්ය තුළ නව අවකාශයක්…’

මෙහිදී මට ප්රථම අදහස් දැක් වූ විද්වතුන් ඔබට පෙන්වා දුන්නා, අද ලෝකයේ බොහෝ දේවල්, කලින් ලෝකයේ තිබුණ අභියෝගවලින් තොරව දිනන්න පුළුවන් බව. අද ඇතැම් ගායකයන් ඉන්නේ සමාජ මාධ්යවල පමණයි. ඔවුන්ගේ ගීත තිබෙන්නේ ඔවුන්ගේ යූටියුබ් නාලිකාවල පමණයි. ඔවුන්ගේ ගීත පිළිගත් සම්මත මාධ්යවලට ඔවුන් රැගෙන යන්නේ නැහැ. සමාජ මාධ්ය තුළ ඔවුන් ඉහළ මට්ටමේ ආකර්ෂණයක් දිනාගත්තාම පිළිගත් සම්මත මාධ්ය ඔවුන්ට වැඳලා හරි අවසර අරගෙන ඒ ගීත විකාශය කරනවා. නමුත් ඒක කාලයක් තිබුණා ඔය පිළිගත් සම්මත මාධ්යයන්හි ගීතයක් ප්රචාරය කරවා ගන්න එම මාධ්ය ආයතනවල කීපදෙනෙකුටම පගාව දීමට සිදුවන. එහෙම පගාව දීලත් ගීතය එකපාරක් ප්රචාරය කරවා ගත්තට වැඩක් නැහැ. එමඟින් විශාල සමාජ ආකර්ෂණයක් දිනා ගැනීමට බැහැ. ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ගායනා කරපු ගායිකාව වුවත් පිළිගත් සම්මත මාධ්ය තුළ විශාල හරඹයක් සිදු කරන අයකු නොවෙයි. සමාජ මාධ්ය තුළ ඇයගේ හැකියාව පෙන්වීමයි සිදුවුණේ. අනික පිළිගත් මාධ්ය තුළ හැකියාව පෙන්නුවාම ඒක ලංකාවට පමණක් සීමා වෙනවා. සමාජ මාධ්ය තුළ අවකාශයක් දිනාගත්තාම එය ලංකාවෙන් එහාට ලෝකය පුරාම යනවා. අද හොඳ නිර්මාණයක්, නිෂ්පාදනයක් එසේ ලෝකය පුරාම පැතිරෙනවා.

‘නිෂ්පාදනය හා බැඳුණු කතාව’

අද විශේෂයෙන් යුරෝපා වෙළඳපොළ තුළ නිෂ්පාදනයට වඩා විකිණෙන්නේ ඒහා බැඳුණු කතාවයි. ‘උස තේ ගසක හැදුනු තේ’ කීවාම එතැන ‘උස’ කියන එකත් විකුණනවා. එතැන විකිණෙන්නේ තේ කොළ නොවෙයි, එම උස තේ ගස පිළිබඳ කියැවෙන කතාවයි. හරි විදිහට කතාවක් ගොඩනැගුවොත් අද ‘ගල් කැටයක්’ වුවත් විකුණාගන්න පුළුවන්. ‘ආබාධිත පිරිසක් සිටින ගම්මානයක් තිබෙනවා. මේ නිෂ්පාදනය ඔවුන් විසින් සිදුකල එකක්’ කීවොත් එයට ලොකු ඉල්ලුමක් තිබෙනවා. මෙහිදී දියණියක් ඉදිරිපත් කළ තේ නිෂ්පාදනය සමග ඒහා බැඳුණු කතාව එකතු කළහොත් විශාල ඉල්ලුමක් ලැබේවි.

අද ලෝකයේ විශේෂයෙන් තරුණ පරම්පරාව කාබනික ආහාර ඉතා උනන්දුවෙන් පරිභෝජනය කරනවා, ඔවුන් සත්ව හිංසනයට එරෙහි නිසා සත්ත්ව සම් යොදාගත් නිෂ්පාදන ප්රතික්ෂේප කරනවා. ඔවුන් අතර ඊට විකල්ප වශයෙන් නිපදවන භාණ්ඩ සඳහා වැඩි ආකර්ෂණයක් තිබෙනවා. එම නව වෙළෙඳපොළ ප්රවණතාවන් අපි නිවැරදිව හඳුනාගත යුතුයි. එවිට අපට තීරණය කළ හැකියි අපි කළ යුතු නිෂ්පාදනය කුමක්ද, කියා. ඔබේ ජීවිතය වෙනස් කරනු ලබන්නේ ඔබ ගන්නා තීරණවලිනුයි. ඔබ දිනන්නේ හෝ පරදින්නේ ඔබ ගන්නා තීරණ අනුවයි. දේශපාලනයේ දී වුවත් එහෙමයි. හරි තීරණය හරි වෙලාවට ගතහොත් හරි. හරි තීරණය වැරදි වෙලාවට ගත්තොත් හරි යන්නේ නැහැ. ඒ අනුව අපට පැහැදිලියි, හරි තීරණයක් ගත්තොත් ඊළඟට එන අභියෝග ජය ගැනීමට අපහසු නැහැ, කියා.

අපි අතීතයේදී අසා තිබෙනවා, රුපියල් දහයක් අරගෙන කොළඹ ඇවිත් දියුණු වුණ මිනිස්සු ගැන. දැන් මිනිස්සුන්ට පුළුවන් රුපියල් දහයක් අරන් කොළඹ එන්නේ නැතිව, ගෙදර සිටම දියුණු වෙන්න. අද හරියට හිතුවොත් තමන්ගෙ ගෙදර මේසය උඩ තමන්ගේ නිෂ්පාදනාගාරය නිර්මාණය කරගැනීමට පුළුවන්. නිසා අපි ඒ නව අවකාශය හරියට අත්පත් කරගත යුතුයි. මේ වගේ වැඩසටහන් වැදගත් වන්නේ ඉහත අවකාශය හරියට අත්පත් කරගැනීම සඳහා අවශ්ය අවබෝධය නිෂ්පාදකයාට ලබාදීමටයි.

නිෂ්පාදකයෙක් කියන්නේ අගය එකතු කරන්නෙක්. ඔහු අගය එකතු කරන්නේ රටට. ‘මේඩ් ඉන් ශ්රී ලංකා’ සන්නාමය ප්රවර්ධනය කරමින්, රටට අගය එකතු කරන නිෂ්පාදකයාට අවශ්ය සියලු ආකාරයේ සහයෝගය ලබාදීමට සූදානම් බව අවධාරණය කරමින් ඔබ සියලුදෙනාගේ නිෂ්පාදන කටයුතු තව තවත් බලගැන්වේවා’යි ප්රාර්ථනය කරනවා”

කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා එම ව්යාපාරික සමුළුවට ප්රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් ඉහත සංවිධානය කැඳවා තිබූ සංවාද මණ්ඩපයට ද සාමාජිකයන්ගේ නව නිෂ්පාදන එළිදැක්වීමට හා ඔවුනගේ විශේෂිත නිෂ්පාදන නිරීක්ෂණයට ද එක් විය.

මෙම අවස්ථාවට ඌව වෙල්ලස්ස විශ්වවිද්යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර, පාර්ලිමේන්තු මන්ත්රී සුදර්ශන දෙනිපිටිය යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,මාධ්ය ලේකම්,කර්මාන්ත අමාත්යාංශය2022.02.19

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*