BREAKING NEWS

කඩුවෙලට නව ඉඩම් හා හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයක්!

“සෞභාග්යයේ දැක්ම” ප්රතිපත්ති ප්රකාශනය අනුව යමින් රෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ කටයුතු විමධ්යගතකර දිවයින පුරා නව ඉඩම් හා හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාල ස්ථාපනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ අද(21) කඩුවෙල නව ඉඩම් හා හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය, වාරිමාර්ග අමාත්ය, රාජ්ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ, ස්වදේශ කටයුතු රාජ්ය අමාත්ය චමල් රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙම අවස්ථාවට, කඩුවෙල ප්රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ලෙස එක් වූ ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේ, අද මෙසේ සම්පූර්ණ වන්නේ කඩුවෙල ජන ඝනත්වය ඉහළ යාමත් සමග පැනනැගුනු ප්රදේශවාසී ජනතාවගේ ඉඩම් හා හිමිකම් ලියාපදිංචිය කාර්යක්ෂමව සිදුකිරීමේ අවශ්යතාව බවයි. එසේම රාජ්ය සේවය පිළිබඳ යම් අහිතකර අදහසක් පොදු මහජනතාව තුළ තිබේ නම් එය වෙනස් කිරීමට මෙවැනි පියවර ඉවහල් වනු ඇති බව ද අමාත්යවරයා පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්රීවරු වන ප්රදීප් උඳුගොඩ, නීතිඥ ප්රේමනාත් දොලවත්ත, ආරක්ෂක අමාත්යාංශයේ ලේකම් විශ්රාමික ජනරාල් කමල් ගුණරත්න, කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් සහ රෙජිස්ට්රාර් ජනරාල් ප්රභාත් අබේවර්ධන යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,මාධ්ය ලේකම්,ජාතික නිදහස් පෙරමුණ,2022-02-21

 

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*