BREAKING NEWS

මෙරට වෘත්තීය ජායාරූප ශිල්පීන්ගේ කර්මාන්ත හැකි ඉක්මනින් නැවත ඇරඹීම වෙනුවෙන් ඇමති විමල් මැදිහත් වෙයි…!

ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින වෘත්තීයමය මංගල ජායාරූප ශිල්පින් ඇතුළු ජායාරූප ශිල්පින්, ජායාරූප මුද්‍රණ ආයතන, ජායාරූප උපකරණ අලෙවි ආයතන ඇතුළු අදාළ ක්ෂේත්‍ර ආශ්‍රිතව කර්මාන්තයේ නියුතු ශිල්පීන් ඔවුන්ගේ ක්ෂේත්‍රයන් මේ වනවිට මුහුණදී ඇති ගැටළු පිළිබද සාකච්ඡා කිරීමට ජායාරූප ශිල්පීන්ගේ සංගමය ඇතුළු නියෝජිතයින් පිරිසක් අද (15) කර්මාන්ත අමාත්‍යංශයේදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා හමුවිය.

රටේ පවතින තත්වය අනුව ඊට අනුගත වෙමින් සිය කර්මාන්ත නැවත ආරම්භ කිරීම සහ පවත්වාගෙන යෑම පිළිබද සාකච්ඡා කිරීමට අදාළ ක්ෂේත්‍ර නියෝජනය කරමින් නියෝජිතයින් පැමිණ සිටි අතර ඔවුන් ඉල්ලා සිටියේ නිසි සෞඛ්‍ය නිර්දේශ අනුව මංගල උත්සව ඇතුළු සියලු උත්සව නැවත ඇරඹීමෙන් තමන් ඇතුළු ක්ෂේත්‍රයේ දහස් ගණනක් මුහුණ දි ඇති අර්බුදයට සහනයක් සැලසෙන බව ය. එයට මැදිහත්වන ලෙස අමාත්‍යවරයාගෙන් සිදුකරන ලද ඉල්ලීමට අනුව අමාත්‍යවරයා ඒ මොහොතේම අදාළ සෞඛ්‍ය අංශ අමතා හැකි ඉක්මනින් එම ක්ෂේත්‍ර විවෘත කිරීමට අවශ්‍ය නිර්ණායක සහ පහසුකම් සලසා දෙන ලෙස ඉල්ලා සිටියේය.

ජායාරූප ක්ෂේත්‍රය ආශ්‍රිත ආයතන, ජායාරූප මුද්‍රණ ආයතන, ජායාරූප උපකරණ අලෙවි ආයතන මේ වනවිට මුහුණදී ඇති අර්බුදයන් පිළිබදව ද අමාත්‍යවරයා දැනුවත් කළ අතර ඉදිරියේදී එම ක්ෂේත්‍රයන් සදහාත් ණය පහසුකම් සහ සහන ලබාදීමේ හැකියාව පිළිබද තමන් සොයා බලා මැදිහත්වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම සාකච්ඡාව සඳහා ප්‍රවීණ ජායාරූප ශිල්පී ප්‍රසන්න හෙන්නායක, හර්ෂ මධුරංග ජයසේකර, ජායාරූප මුද්‍රණ ආයතන නියෝජනය කරමින් නිමල් උදුගොඩ, එල්. එස් හේවාවිතාරණ, ජායාරූප උපකරණ අලෙවි ආයතන නියෝජනය කරමින් Cameralk ආයතනයේ අනුෂ්ක ගුණසිංහ සහ මෙට්‍රොපොලිටන් ආයතනයේ සුරේෂ් හේරත්, ජෙහාන් පීරිස් යන මහත්වරු ද සහභාගී වූහ..

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*