BREAKING NEWS

රටවැසියන් ලෙස මේ මොහොතේ වගකීමෙන් වැඩකරමු…!

අප රට තුළ රෝගීන් දෙදෙනෙක් පමණක් තවමත් හදුනාගෙන, අවදානමක් ඇතිවිය හැකි බව පමණක් ප්‍රකාශ කොට ඇති පසුබිමක, රජයත් ඒ වෙනුවෙන් සූදානම්ව ජනතාව දැනුම්වත් කරමින් සිටින මේ මොහොතේ, බහුලව රෝගය පැතිරුණු රටවල මෙන් අනවශ්‍ය කලබලයක් ඇති කරමින් ආහාර ද්‍රව්‍ය රැස්කිරීම තුළින් ඉදිරියේදී ආහාර ඇතුළු භාණ්ඩ හිගයක් ඇතිවිය හැකිය.

එම නිසා අනවශ්‍ය කලබලයෙන් භාණ්ඩ රැස් කිරීම සිදු නොකොට, රජය සහ සෞඛ්‍ය අංශ සිදුකරන ක්‍රියාවලියට රටේ බුද්ධිමත් රටවැසියන් ලෙස ඔබගේ සහාය ලබාදෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටින්නෙමු.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*