BREAKING NEWS

ලංකා ටෙක්ස්ටයිල් සහ එම්පෝරියම් ආයතනය නැවත සමාගමක් ලෙස පිහිටුවීමට සුදානම්…

කර්මාන්ත අමාත්යාංශය යටතේ දීර්ඝ කාලයක් පුරා ගැසට් කර තිබූ නමුත් ක්රියාකාරී මට්ටමක නොපැවති ලංකා ටෙක්ස්ටයිල් සහ එම්පෝරියම් ආයතනය නැවත සමාගමක් ලෙස පිහිටුවීමට අදාළ කැබිනට් පත්රිකාව පිළිබද සාකච්ජා කිරීමට කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමා සහ අදාළ අංශ අතර සාකච්ජාවක් අද (18) කර්මාන්ත අමාත්යාංශයේදී පැවැත්විණි.

දේශීය රෙදි නිෂ්පාදකයින්ට සහ ඒ ආශ්රිත නිර්මාණකරුවන්ට අවශ්ය නූල් වර්ග, ඩයි වර්ග සහ වෙනත් අමුද්රව්ය දේශියව නිෂ්පාදනය කිරීම සහ ආනයනය කළයුතු අමුද්රව්ය ආනයනය කොට සාධාරණ මිල ගණන් යටතේ අලෙවි කිරීමට අවශ්ය පසුබිම සැකසීම මෙම සමාගම නැවත පිහිටුවීමේ අරමුණ වේ. ලංකා සළුසල ආයතනය යටතේ මෙම සමාගම පිහිටුවීම මගින් එයට රාජ්ය බැදීමක් ඇති කිරීම ද මෙහිදී තීරණය විය.

දේශීය රෙදි නිෂ්පාදකයා මේ වනවිට මුහුණදී ඇති ඩයි වර්ග, නූල් වර්ග ඇතුළු අමුද්රව්ය හිගකම සහ මිල ඉහළ යෑම පිළිබදවත් මෙහිදී සාකච්ජා කෙරුණු අතර ලංකා සළුසල ආයතනය හරහා එම අමුද්රව්ය ගෙන්වා කර්මාන්තකරුවන්ට ලබාදීමට අවශ්ය පසුබිම හැකි ඉක්මනින් සලසන ලෙස අමාත්යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්යාංශයේ ලේකම් අනුෂ පැල්පිට, බතික්, අත්යන්ත්ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්ය අමාත්යාංශයේ ලේකම් ආර්. සුනේත්රා ගුණවර්ධන, ලංකා සළුසල ආයතනයේ සභාපති ප්රදීප් ගුණවර්ධන ඇතුළු පිරිසක් සහභාගී විය.

 

මාධ්ය ඒකකය
කර්මාන්ත අමාත්යාංශය
2021.02.18
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*