BREAKING NEWS

ඇමති විමල් වැල්ලවත්ත මයුරපති ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිලේ තෛපොංගල් දින දේවාශිර්වාද පූජාවට එක්වෙයි!

ඇමති විමල් වැල්ලවත්ත මයුරපති ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිලේ තෛපොංගල් දින දේවාශිර්වාද පූජාවට එක්වෙයි!

කොළඹ දිස්ත්‍රික් දෙමළ ප්‍රජාවගේ ඇරයුමින් අද (15) තෛපොංගල් දිනයේදී ජානිපෙ නායක, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා වැල්ලවත්ත, මයුරපති ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිලේ පැවැති දේවාශිර්වාද පූජාවට එක්විය. එසේම කෝවිලෙහි චාරිතානුකුලව සිදුකරන ‘පොංගල් බත’ පිසිමේ අවස්ථාවට ද සහභාගී වූ වීරවංශ ඇමතිවරයා ඉන් අනතුරුව කොළඹ දිස්ත්‍රික් දෙමළ ව්‍යාපාරික විසින් සංවිධානය කරනු ලැබූ සුහද හමුවකට ද එක්විය.

එම සුහද හමුව ඉහත කෝවිලේ භාරකාර මණ්ඩලයේ සභාපති පී. සුන්දරලිංගම්, ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ හිටපු සභාපති ජෙයරාජ් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සංවිධානය කොට තිබිණි. අමාත්‍යවරයා හා දෙමළ ව්‍යාපාරික ප්‍රජාව අතර ජාතික සමගිය තර කිරීම වෙනුවෙන් ගත හැකි පියවරයන්, ආර්ථිකය ශක්තිමත් කළ හැකි ආකාරයන් ආදී කරුණු සම්බන්ධයෙන් පැය 02කට ආසන්න කාලයක් ඉතා සුහදව සංවාදයක් පැවැත්විණි.

ඉන් අනතුරුව එම පිරිස සමග ‘පොංගල් බත’ සමග හින්දු චාරිත්‍රානුකූලව සැකසුණු දිවා ආහාරයක් භුක්ති විදීමට ද විමල් වීරවංශ අමාත්‍යවරයා අමතක නොකෙළේය.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*