BREAKING NEWS

ශ්‍රී ලංකාවේ ඛනිජ ආශ්‍රිත කර්මාන්ත ප්‍රවර්ධනයට ඉරානයේ සහයෝගය

ශ්රී ලංකාවේ ඛනිජ ආශ්රිත කර්මාන්ත ප්රවර්ධනය පිණිස තාක්ෂණ දැනුම සහ සහයෝගය ලබා දීමට තම රජය සූදානම් බව මෙරට ඉරාන තානාපති හෂීම් අෂ්ජසාඬේ මහතා පවසයි.

අද (14) 73/1, ගාලු පාර, කොළඹ 03 යන ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්යාංශයේ දී කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා හමු වූ අවස්ථාවේ දී ඒ මහතා එසේ පැවසීය.

ශ්රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්රයේ ප්රවර්ධනය පිණිස තාක්ෂණික සහයෝගය ලබා දීමට හැකි බවත් ඒ සඳහා ඉරාන රජය සහ ආයෝජකයන් සූදානමින් සිටින බවත් තානාපතිවරයා මෙම හමුවේ දී පැවසූ අතර අමාත්ය විමල් වීරවංශ මහතා එහි දී සඳහන් කළේ ඉරානය ලොව ප්රමුඛ පෙළේ ඛනිජ තෙල් සැපයුම්කරුවකු ලෙස කැනීම් හා ඛනිජ ද්රව්ය ආශ්රිත කර්මාන්තයන්හි සුවිශාල දැනුම් සම්භාරයක් අත්පත් කරගෙන ඇති බැවින් මෙරට ඛනිජ ආශ්රිත කර්මාන්ත වැඩි දියුණු කිරීමට මැදිහත් වන ලෙස ය. එහි දී ඉරාන තානාපතිවරයා ඉහත අදහස් පළ කළේය.

ඇමරිකා එක්සත් ජනපද සම්බාධක හමුවේ ඉරාන ජනතාව පත්ව ඇති අපහසුතා පිළිබඳව සිය කනගාටුව පළ කර සිටි විමල් වීරවංශ අමාත්යවරයා, එසේ තිබිය දී පවා ඉරානය සෑම දුෂ්කර අවස්ථාවකදීම ශ්රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීම පිළිබඳව සිය කෘතඥතාව පළ කර සිටියේය.

ශ්රී ලංකාව තුළ රාජ්ය අංශය හෝ පෞද්ගලික අංශය සමඟ ඒකාබද්ධව කර්මාන්ත ඇරඹීමේ ඉඩකඩ ඉරාන ආයෝජකයන්ට සලසා දිය හැකි බවත් ඒ සඳහා ඇරයුම් කර සිටින බවත් කර්මාන්ත අමාත්යවරයා විමල් වීවරංශ මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්රී ලංකාවට ආයෝජන රැගෙන විත් කර්මාන්ත ආරම්භ කිරීම, ඉන්දියාව, පාකිස්ථානය හා බංගලාදේශය වැනි රටවල් සමඟ පවතින නිදහස් වෙළඳ ගිවිසුම් යටතේ සිදු කළ හැකි නම් එම ඉරාන – ශ්රී ලංකා ඒකාබද්ධ කර්මාන්තවල නිෂ්පාදන ‘මේඞ් ඉන් ශ්රී ලංකා’ සන්නාමය යටතේ ඉහත රටවලට අලෙවි කිරීමේ හැකියාව පවතින බවත් එසේ සිදුකොට ශ්රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්රයට රුකුලක් වීමට තම රට සූදානම් බවත් මෙහි දී ඉරාන තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට ඉරාන තානාපති කාර්යාලයේ ආර්ථික හා රාජ්යතාන්ත්රික සබඳතා අංශයේ ප්රධානී කේ සොහෙයිල්, අමාත්ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, ජාතික ව්යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති / අධ්යක්ෂ ජනරාල් අනුෂ්ක ගුණසිංහ යන මහත්වරු ද එක්ව සිටියහ.

2020-10-14\

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*