BREAKING NEWS

සිතුවමින් රටම හැඩ කළ තරුණ පිරිසට ජාතික ශිල්ප සභාවෙන් සවියක් !

තාප්ප ඇතුළු පොදු ස්ථාන සිතුවම් මගින් අලංකාර කරමින් රටම ඒළිය කිරීමට මුල් වූ තරුණ චිත්‍ර ශිල්පීන්ට වෘත්තීය පුහුණුවක් ලබා දී ඔවුන්ගේ නිර්මාණවලට වෙළෙදපොළක් නිර්මාණය කර දීමේ වැඩපිළිවෙළක් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ශිල්ප සභාව විසින් දියත් කර තිබේ.
ඒ් වෙනුවෙන් අද (23) දිනය පුරා ඉහත තරුණ චිත්‍ර ශිල්පීන් 250කට පමණ සාම්ප්‍රදායික වෘත්තීය චිත්‍ර ශිල්පය පිළිබද වැඩමුළුවක් පැවැත්වීමට ද ජාතික ශිල්ප සභාව කටයුතු යොදා තිබිණි. මෙම වැඩ මුළුවේදී ඉහත තරුණ චිත්‍ර ශිල්පීන් ඇදි නිර්මාණ නැරඹීමට හා ඔවුන් දිරිමත් කිරීමට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා ද ඒක්විය.

ඉහත වැඩමුළු දිගටම පවත්වාගෙන යාමටත් ඒහිදී නිර්මාණ කෙරෙන සිතුවම් දියත උයන තුළ අලෙවි කිරීමට ඉඩකඩ සලසා දීමටත් දැනටමත් පියවර ගෙන ඇතැයි ජාතික ශිල්ප සභාවේ සභාපති සුදත් අබේසේකර මහතා සදහන් කළේය.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*