BREAKING NEWS

“විසි වසක වීරවංශය : ජාතිකවාදී දේශපාලනයේ පුනරාවලෝකනය” කාච සටහන (2020. 02.22 / කොළඹ නෙළුම් පොකුණ රඟහල)

ජාතික නිදහස් පෙරමුණේ නායක, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ පාර්ලිමේන්තු දිවියට විසි වසරක් සැපිරීම වෙනුවෙන් සංවිධානය ⁣කෙරුණු “විසි වසක වීරවංශය : ජාතිකවාදී දේශපාලනයේ පුනරාවලෝකනය” සැමරුම් උළෙල අද (22) සවස කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයෝ ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ පස්වන විධායක ජනාධිපති වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහභාගී වූහ. පැමිණ සිටි ආරාධිතයන් පිළිගැනීම ප්‍රවීණ මනෝවිද්‍යා හා වෘත්තීය උපදේශක, විමල් වීරවංශයන්ගේ පාසල් මිතුරු අජිත් ජයවර්ධන මහතා විසින් සිදුකරන ලදී. කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමි සහ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමා “විසි වසක වීරවංශය” පිළිබඳව විශේෂ දේශන පැවැත්වූහ. එසේම ඉසුරු ප්‍රසංග මහතා විසින් රචිත “විමල් – යුගකාරකත්වයේ භූමිකාව” කෘතිය එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරිණි.

විමල් වීරවංශ මහතාගේ දේශපාලන භූමිකාව පිළිබඳව ප්‍රවීණ ගීත රචක වසන්ත කුමාර කොබවක මහතා විසින් රචිත, ප්‍රවීණ ගායක සමන් ලෙනින් මහතා විසින් ගැයූ ගීතයක් එළි දැක්වීම මෙම සැමරුම් උළෙල වර්ණවත් කළේය. තවද ජනතාවට විමල් වීරවංශයන් හා සෘජුව සම්බන්ධ විය හැකි W Chat නැමති ජංගම දුරකථන යෙදුම ජනගත කිරීම ද මෙහිදී සිදුවිය.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*