BREAKING NEWS

සුළු හා මාධ්‍ය පරිමාණ රූපලාවණ්‍ය ශිල්පීන්ගේ සහ සැලෝන් ඇතුළු රූපලාවණ්‍ය ආශ්‍රිත කර්මාන්තයේ නියුතු ශිල්පීන්ගේ ගැටළුවලට පිළියම් යෙදීමට ඇමති විමල් මැදිහත් වෙයි…!

ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින සුළු හා මාධ්‍ය පරිමාණ රූපලාවණ්‍ය ශිල්පින්, මනාලියන් හැඩගන්වන ශිල්පින්, සැලෝන් සහ කොණ්ඩා කැපීම ඇතුළුව රූපලාවණ්‍ය කටයුතුවල නිරත වන ශිල්පින් නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් ඔවුන් මුහුණ දී ඇති ගැටළු පිළිබද සාකච්ඡා කිරීමට සහ ඒවාට විසදුම් ලබාගැනීමේ අරමුණෙන් අද (15) කර්මාන්ත අමාත්‍යංශයේදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා හමුවිය.

කොවිඩ් අර්බුදය හේතුවෙන් ඔවුන් පහුගිය කාලය පුරා මුහුණ දුන් තත්වය මෙන්ම එම ක්ෂේත්‍රයන් හැකි ඉක්මනින් නැවත විවෘත කර ගනිමින් ඔවුන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යාමට හැකි වාතාවරණයක් සැලසීමට මැදිහත්වන ලෙස අමාත්‍යවරයාගෙන් ඔවුන් ඉල්ලා සිටි අතර අමාත්‍යවරයා ඒ මොහොතේම අදාළ සෞඛ්‍ය අංශ ප්‍රධානීන් අමතා මෙම ව්‍යාපාර නැවත විවෘත කිරීමට හැකි නිර්ණායක සකසා එයට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලා සිටියේය.

මෙම ක්ෂේත්‍රවල නිරතවූවන් බොහෝමයක් පැවති අර්බුදය සමග සිය ව්‍යාපාර නවතා දැමීමට හෝ විකුණා දැමීමට අදහස් කරගෙන සිටින බවත් එසේ වුවහොත් විශාල පිරිසකගේ රැකියා අහිමිව යා හැකි බවත් එසේ නොවී එම ක්ෂේත්‍ර පවත්වාගෙන යාමට රාජ්‍ය අනුග්‍රහයෙන් බැංකු මගින් ණය මුදලක් ලබාදීමට හැකියාවක් ඇත්නම් ඒ පිළිබදව මැදිහත් වන ලෙස ඇමතිවරයාගෙන් කළ ඉල්ලීමට අනුව ඉදිරියේදී බැංකු සමග සාකච්ඡා කොට එයට හැකි උපරිම මැදිහත්වීම සිදු කරන බව ඇමතිවරයා කියා සිටියේය.

එමෙන්ම සැලෝන් ඇතුළු රූපලාවණ්‍ය ආයතන නිසි ලෙස නියාමනය කිරීමට මෙන්ම නීති රාමුවක් ඇතුළත ව්‍යුහගත කරන ලෙස ද ඔවුන් විසින් ඉල්ලා සිටි අතර අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේදී එම සියලු ක්ෂේත්‍රයන් ව්‍යවසාය සංවර්ධන අධිකාරිය යටතේ පිළිගත් මෙන්ම විධිමත් ක්ෂේත්‍රයන් බවට පත් කීරීමට තමන් මැදිහත් වන බව ය.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*