­
BREAKING NEWS

හිටපු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශගෙන් විදුලිබල ඇමැතිට ප්‍රශ්න දෙකක්….

හිටපු කර්මාන්ත අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වෙත ප්‍රශ්න දෙකක් යොමු කළේය.

ඒ අද (08) දින පාර්ලිමේන්තුවේදී, 2023 අයවැය තෙවන වර කියවීමේ විවාදය අතරතුරදීය.

හිටපු කර්මාන්ත අමාත්‍යවරයා ප්‍රශ්න කර සිටියේ, කර්මාන්ත සදහා මීට පෙර ලබාදුන් විදුලි බිල්පතෙහි සහනදායි පදනම වර්තමානයේදීද ක්‍රියාත්මක වන්නේද යනුවෙනි.

එමෙන්ම උසස්පෙළ විභාගය ක්‍රියාත්මක වන කාල සීමාව තුළ රාත්‍රී කාලයේ විදුලි කප්පාදුව නතර කිරීමට පියවර ගන්නා ලෙසද ඔහු විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*