BREAKING NEWS

11 වැනි විජයග්‍රහණයේ සැමරුම 2020 මැයි 18

තිස් වසරක් පුරා කුරිරු බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් බැට කෑ ලක්මාතාව ඉන් මුදා ගැනීමට ඇයගේ වීරෝදාර සුජාත දරුවන් සමත් වූයේ හරියටම මීට වසර 11කට පෙර ය. එනම් 2009 මැයි 18 වැනිදා ය. ඒ විජයග්‍රහණය වෙනුවෙන් රණවිරුවන් 29,000කට අධික පිරිසක් දිවි පිදූහ. ආබාධිත තත්වයට පත් වූවන් 26,000කට අධික ය.

මේ රණවිරුවන් ලක්මාතාවටත් ඇයගේ දූ පුතුන්ටත් රැගෙන ආවේ සැබෑ නිදහස ය. භෞමික අඛණ්ඩතාවය ය. එහෙයින් අප හද පත්ලේ ගැඹුරුම තැනින් මේ සදාදරණීයන් සැමරිය යුතු නොවේද?

රණවිරුවනි ඔබට අපගේ උත්තමාචාරය!

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*