BREAKING NEWS

74 වන ජාතික නිදහස් දිනයට සමගාමීව කර්මාන්ත අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද රුක් රෝපණ වැඩසටහන අද (08) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, 73/1, ගාලු පාර, කොල්ලුපිටිය යන ලිපිනයෙහි පිහිටි කර්මාන්ත අමාත්‍යා පරිශ්‍රයේදී සිදු කෙරිණි.

මෙහිදී අමාත්යවරයා විසින් ඖෂධීය උගුරැස්ස පැලයක් කර්මාන්ත අමාත්යාංශ භුමියේ රෝපණය කරන ලදි, අමාත්යාංශ ලේකම් විශ්රාමික ජෙනරාල් දයා රත්නායක මහතා විසින් ඖෂධීය බෙලි පැලයක් රෝපණය කළේය. අමාත්යාංශයේ සියලු අංශ ආවරණය වන පරිදි නම් කරන ලද විවිධ ශාක අදාළ අංශ වෙත ප්රදානය කිරීම ද මෙහිදී සිදුවිය.

මෙතෙක්කල් අමාත්යාංශ භුමිය අලංකාර කිරීමට ටෙන්ඩර් ක්රමය ඔස්සේ ලබාදී තිබූ පැල සිටුවීම සහ නඩත්තුව ඉදිරියේදී අමාත්යාංශ සේවක පිරිස විසින් සිදුකිරීම වෙනුවෙන් ඔවුන්ට උත්ප්රේරණයක් ලබා දීමට එක් එක් අංශ වෙනුවෙන් වෙන් කරන ලද පැල ලබාදෙන ලදි. ඒවා රෝපණය කිරීම, නඩත්තුව සහ රැකබලා ගැනීමේ වගකීම අදාළ අංශ විසින් සිදුකරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන අදහස් දවමින් අමාත්යාංශ ලේකම්වරයා කියා සිටියේය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්යාංශයේ අතිරේක ලේකම්වරු, සියලු අංශ නියෝජනය කරන අංශ ප්රධානීහු සහ අමාත්යාංශ සේවක පිරිස එක්ව සිටියහ.

මාධ්ය ඒකකය,
කර්මාන්ත අමාත්යාංශය
2022.02.08
About the Author

Leave a Reply

*