BREAKING NEWS

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ පළමු පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ප්‍රදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් නිවාස අවශ්‍යතාව ඇති පවුල් වෙත අංගසම්පුර්ණ නිවාස ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හේවාගම ග්‍රාමසේවා වසම, රණාල ග්‍රාමසේවා වසම, නවගමුව ග්‍රාමසේවා වසම , දකුණු නවගමුව ග්‍රාමසේවා වසම, කොරතොට ග්‍රාමසේවා වසම සහ පහළ බෝමිරිය ග්‍රාමසේවා වසම යන ග්‍රාම සේවා වසම්හි සාදා නිම කළ අංග සම්පුර්ණ නිවාස 6ක් අද (21) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා අතින් ජනසතු කිරීම සිදුකෙරිණි. මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත , කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරිහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*