— Main Menu —
මුල් පිටුව
ජීව දත්ත
පිය සටහන්
ප්‍රධාන පුවත්
කාලීන පුවත්
වීඩියෝ සංවාද
ඡායාරෑප
මුල් පිටුව
ජීව දත්ත
පිය සටහන්
ප්‍රධාන පුවත්
කාලීන පුවත්
වීඩියෝ සංවාද
ඡායාරෑප
BREAKING NEWS
Selbstausschluss beim Online-Glücksspiel Leitfaden zum Selbstausschluss Slots 4 Play
Poker Strategien Tipps für ein erfolgreiches Online Poker Spiel
Seriöse Online Internet Casinos: Die Sichersten Anbieter 2025
High Stakes Security 7 Best Wallets for Gambling in 2025
Juridiska Aspekter kring de Bästa Casinon utan Svensk Licens
Comment choisir un casino en ligne fiable: Erreurs à éviter
Co to jest Slottica? Poradnik dotyczący rejestracji
Spel med Spelpaus: Regler och Insikter om Spelarskydd
Casino en ligne France : Avis sur les tournois et compétitions
Mostbet Hangi Ülkenin Kullanıcı Deneyimi Açısından En Başarılı Sitesi?
සැබෑ සාමය – සහජීවනය වෙනුවෙන් කැපවෙමු!
Posted On
24 Dec 2019
By :
WW Media
Comment: 0
සැබෑ සාමය – සහජීවනය වෙනුවෙන් කැපවෙමු!
’සාමය උදෙසා ලෝකවාසීන් අවදි කරලීම’ යන අරුතෙන් සැමරෙන තවත් නත්තල් දිනයක් අදට (25) යෙදී තිබේ. ජේසු බිළින්දාගේ උපත සිහිපත් කරමින් ද ඉහත අරුත වටහා ගනිමින් ද එය මිනිස් සිත්සතන් තුළ ගැඹුරින් සනිටුහන් කිරීම මේ උතුම් දිනයේදී කිතුණු බැතිමතුන්ගේ කාර්යභාරය වී තිබේ.
සමස්ත ලෝකවාසීන්ට යහපත් හෙට දිනයක් උදා කරලීම වෙනුවෙන් සියල්ලෝ සාමය වෙනුවෙන් කැප විය යුතු වුව ද පවිටු බලවේග ඊට ඉඩ නොතබයි. ඔවුන් රටවල් අතර ද රටවල් තුළ ද සියුම්ව ගැටුම් ඇවිලවීමට කළ හැකි සියල්
ල කරමින් සිටී. අප ද රටක් ලෙස එවැනි පවිටු බලවේගවල ගොදුරක්ව පැවැති බව 2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයෙන් මැනවින් පැහැදිලි විය. මෙරට එවැනි පවිටු බලවේගවලට උඩගෙඩි දුන් පිරිස් දැන් පසුබැස සිටියත් තවදුරටත් ඒ පිළිබඳව විමසිලිමත් වීම සාමයට ලැදි අප සැමගේ වගකීමක්ව පවතී.
“ජාතීන් අතර සහජීවනය – ලෝක සාමය – මානව හිමිකම්” ආදී විසිතුරු වදන්වලට මුවා වෙමින් ලොව පුරා ක්‍රියාත්මක එම ගෝලීය පවිටු බලවේග හඳුනාගෙන ඒවා පැරදවීමේ අදිටන ඇතිකර ගත හැකි සුදුසුම මොහොත වන්නේ ද මෙම නත්තල් උදාවයි. එසේම රට තුළ සාමකාමී පරිසරයක් ගොඩනගමින් යහපත් හෙට දිනයක් නි්ර්මාණය කිරීම වෙනුවෙන් කැපවීමට මෙරට කිතුණු බැතිමතුන්ට හැකිවේවා’යි ප්‍රාර්ථනා කරන්නෙමු.
විමල් වීරවංශ (පා.ම.)
නායක, ජාතික නිදහස් පෙරමුණ,
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන,
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය
2019-12-25
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.
Previous Story
කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යවරයා අමාත්‍යාංශයට අයත් ආයතනයන්හී, ආයතන ප්‍රධානීන් හමුවෙයි.
Next Story
කෙසෙල් කෙදි මගින් නිපදවූ රෙදිපිළි සහ ඇගළුම් එළිදැක්වීම සහ ළදරු ඇදුම් සදහා සෞඛ්යාරක්ෂිතතා සහතිකය එළි දැක්වීම.
Leave a Reply
Cancel reply
Name
*
Email
*
Website
Save my name, email, and website in this browser for the next time I comment.