Previous Story
පරන්තන් කෙමිකල්ස් කම්පැණි ලිමිටඩ් යළි අරඹනවා – ඇමති විමල් කියයි
Posted On 25 Jan 2020
Comment: 0
ත්‍රස්තවාදී ගැටුම් නිසා අකර්මණ්‍ය වූ පරන්තන් කෙමිකල්ස් කම්පැණි ලිමිටඩ් රාජ්‍ය ආයතනය යළි අරඹන බවත් එසේම ඒ ආයතනය සතු වූ භූමිභාගය යොදාගෙන රසායනික ද්‍රව්‍ය ආශ්‍රිත කර්මාන්ත පුරයක් ඉදි කරන බවත් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
ඒ මහතා මෙසේ පැවසූයේ අද (17) පරන්තන් කෙමිකල්ස් කම්පැණි ලිමිටඩ් ආයතනය පිහිටි භූමිභාගය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
කර්මාන්ත පුරය ඉදි කිරීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව නුදුරේදීම ඉදිරිපත් කරන බවත් පරන්තන් කෙමිකල්ස් කම්පැණි ලිමිටඩ් යළි ඇරඹීමේදී රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම හවුල්කාර සමාගමක් ලෙස අරඹන බවත් ඇමතිවරයා සදහන් කළේය.



