BREAKING NEWS

පරන්තන් කෙමිකල්ස් කම්පැණි ලිමිටඩ් යළි අරඹනවා – ඇමති විමල් කියයි

ත්‍රස්තවාදී ගැටුම් නිසා අකර්මණ්‍ය වූ පරන්තන් කෙමිකල්ස් කම්පැණි ලිමිටඩ් රාජ්‍ය ආයතනය යළි අරඹන බවත් එසේම ඒ ආයතනය සතු වූ භූමිභාගය යොදාගෙන රසායනික ද්‍රව්‍ය ආශ්‍රිත කර්මාන්ත පුරයක් ඉදි කරන බවත් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

ඒ මහතා මෙසේ පැවසූයේ අද (17) පරන්තන් කෙමිකල්ස් කම්පැණි ලිමිටඩ් ආයතනය පිහිටි භූමිභාගය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කර්මාන්ත පුරය ඉදි කිරීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව නුදුරේදීම ඉදිරිපත් කරන බවත් පරන්තන් කෙමිකල්ස් කම්පැණි ලිමිටඩ් යළි ඇරඹීමේදී රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම හවුල්කාර සමාගමක් ලෙස අරඹන බවත් ඇමතිවරයා සදහන් කළේය.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*